හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වූ ‘සල්පිටි රයිගම් හටන’ 15 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 104 ක් රැස්කර සිටියේය.
පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයීය පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාල පිල ලකුණු 100 කට සීමා කිරීමට සමත් වූහ.
වමතින් දඟ පන්දු යවන කනිෂ්ඨ ක‍්‍රීඩක හේෂාන් මධුසංඛ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 41 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.
පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තක්‍ෂිලා විදුහලට ආරාධනා කළේය.
හෙට (27) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 100
(අෂාන් සම්පත් 27, හේෂාන් මධුසංඛ 41/5, වසිත් විමුක්ති 21/2)
පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය පළමු ඉනිම ඕවර 52.1 කදී කඩුලූ 6 ක් දැවී 104
(හර්ෂණ ගෝමස් 47, තිළිණ තාරින්ද 32/2, නවි`දු මියුෂාන් 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.