Last Update  :  2025-08-16 16:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හුසේන්ලා බංග්ලාදේශ නැගී එන පිල ඔසවති

හුසේන්ලා බංග්ලාදේශ නැගී එන පිල ඔසවති

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අෆීෆ් හුසේන් (නොදැවී 100) සහ නජ්මුල් හුසේන් (නොදැවී 88) සිවුවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 187 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිලනොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (5 වැනිදා) තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස්කිරීමට සමත්විය.

වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනටත් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවූ අතර අද දිනයට නියමිත ඕවර සංඛ්‍යාවෙන් යැවීමට හැකිවූයේ ඕවර 43 ක් පමණි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායක චරිත් අසංලක පන්දු යවන්නන් 5 දෙනෙකු යොදා ගනිමින් පන්දු යැවුවද අෆීෆ් හුසේන් සහ නජ්මුල් හුසේන්ගේ සම්බන්ධතාව බිඳහෙළීමට ඔවුන් අපොහොසත් වූහ.

හෙට (6 වැනිදා) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 208
(නජ්මුල් හුසේන් නොදැවී 88, අෆීෆ් හුසේන් නොදැවී 100, ජෙහාන් ඩැනියෙල් 28/2)


අදහස් (0)

හුසේන්ලා බංග්ලාදේශ නැගී එන පිල ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.