Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හීත් ස්ට්‍රීක්ට වසර 8 ක ක්‍රිකට් තහනමක්

හීත් ස්ට්‍රීක්ට වසර 8 ක ක්‍රිකට් තහනමක්

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක හීත් ස්ට්‍රීක්ට වසර 8 ක තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙක් කටයුතු කරමින් සිටියදී මෙන්ම විස්සයි 20 ලීග් තරගාවලි කිහිපයකදීම දූෂණ කටයුතු සම්බන්ධයෙන් ඔහුට මෙම තහනම පනවා තිබේ. 

මෙම කාලය තුළදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කළ අවස්ථා පහකට තමන් සම්බන්ධ වූයේ යැයි ස්ට්‍රීක් පිළිගත් බවත් මෙම දඬුවම් විඳීමට ඔහු එකඟ වූ බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවනිවේදනයක් නිකුත් කරමින් පැවසීය. හීත් ස්ටී්‍රක් 47 හැවිරිදි පුහුණුකරුවෙකි. 

“හිටපු නායකයෙකු හා පුහුණුකරුවෙකු ලෙස ඔහු විශ්වාසනීය තනතුරක් දැරූ අතර ක්‍රීඩාවේ අවංකභාවය ආරක්ෂා කිරීමත් එය වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමත් ඔහුගෙන් අපේක්‍ෂා කළා. ඒ සඳහා ඔහුට යුතුකමක් තිබෙනවා” යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ඔහු අපගේ විනය නීතිමාලාව අවස්ථා කිහිපයකදීම බිඳ දමා තිබෙනවා. ඒ විතරක් නෙමේ... ඔහු තවත් ක්‍රීඩකයන් හතර දෙනෙකුට මේ සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. අනෙක, ඔහුත් අපගේ විමර්ශන වලට බාධා කිරීමට හා ඒවා ප්‍රමාද කිරීමට උත්සාහ කළා” යැයිද ඇලෙක්ස් මාෂල් මහතා වැඩිදුරටත් පැවසීය.

2018 වසරේදී පැවැති අන්තර්ජාතික තරඟ කිහිපයක් මෙන්ම ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය රටවලදී පැවැති විස්සයි 20 ලීග් තරග කිහිපයක්ද හීත් ස්ටී්‍රක්ගේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමෙන් තොරවූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

“මෙම දූෂණ ඒ සඳහා අදාළ වූ කිසිදු තරඟයක ප්‍රතිඵල කෙරෙහි බලපා නැති අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අධ්‍යාපනික වැඩසටහනට සහාය වීමටද  ස්ට්‍රීක් මහතා එකඟ වී තියෙනවා” යැයි ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

සිම්බාබ්වේ පිලේ හිටපු නායකයා, මේ සම්බන්ධයෙන් සිය පසුතැවිල්ල මෙන්ම කණගාටුව ප්‍රකාශ කර තිබේ. සිය වරද පිලිගැනීම නිසා පූර්ණ විනය පරීක්‍ෂණයක අවශ්‍යතාවය නැතිව දඬුවම බාරගැනීමේ තීරණයකට ද ඔහු එළඹ තිබේ. ඔහුට එරෙහි තිබෙන චෝදනා වූයේ ඔට්ටු ඇල්ලීම සඳහා යොදා ගත හැකි අභ්‍යන්තර තොරතුරු පිටස්තර පුද්ගලයන්ට හෙළිදරව් කිරීමයි. ඒ සඳහා අන්තර්ජාලයේ භාවිතා කෙරෙන මුදල් ඒකකයක් වන ‘බිට්කොයින්ස්’ වලින් දූෂකයෙකුගෙන් ගෙවීමක් බාර ගැනීම සහ එය දූෂණ විරෝධී නිලධාරීන්ට හෙළි කිරීමට අපොහොසත් වීම ඔහු ලැබූ තවත් චෝදනාවක් වූයේය.

“හීත් ස්ට්‍රීක් කියන්නේ පළපුරුදු, හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ජාතික කණ්ඩායමක පුහුණුකරුවෙක්. ඔහු දූෂණ විරෝධී අධ්‍යාපන සැසිවාර ගණනාවකට සහභාගී වී තිබෙන අතරම දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ඔහුගේ වගකීම් පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා සිටින අයෙක්” යයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය. 

 - 2079


අදහස් (0)

හීත් ස්ට්‍රීක්ට වසර 8 ක ක්‍රිකට් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.