Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හැඩින් එක්දින පිටියෙන් සමුගනී

හැඩින් එක්දින පිටියෙන් සමුගනී

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තමන් තීරණය කළ බව  ඕස්ටේ‍්‍රලියානු පිලේ කඩුලූ රකින කී‍්‍රඩක බ‍්‍රැඞ් හැඩින් පවසයි.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 126 කට සහභාගී වී ඇති හැඞ්න්ගේ අවසන් එක්දින තරගය වන්නේ නවසීලන්ත පිලට එරෙහිව මාර්තු මස 29 වැනිදා මෙල්බර්න්හිදී පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයයි. ඉන් කඩුලූ 7 ක ජයක් ලැබීමට හැඩින් ඇතුලූ  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ සමත් වූහ.

සමුගැනීම සටහන් කරන විට සිය වසර 14 ක එක්දින කි‍්‍රකට් දිවිය තුළ උඩපන්දු 170 ක් සහ ස්ටම්ප් කිරීම් 11 ක් ලබාගැනීමට හැඩින් සමත් වී ඇති අතර එහිදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3122 කි.

එක්දින පිටියෙන් සමුගත්තද, තවදුරටත් ටෙස්ට් තරග සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බව පවසන හැඩින්, ලබන මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමත්විත ටෙස්ට් තරගාවලියට මෙන්ම ජූලි මස 8 වැනිදා කාඩිෆ්හිදී ආරම්භ වීමට නියමිත තරග 5 කින් සමන්විත අළු බඳුන තරගාවලියටද තම දායකත්වය ලබාදීමට සූදානමින් සිටියි.

සමුගැනීම ප‍්‍රකාශ කළ අවස්ථාවේ 37 හැවිරිදි හැඩින් කියා සිටියේ තමා  ඕස්ටේ‍්‍රලියා එක්දින පිල හැරයන්නේ එය ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ස්ථානයේ රැදී ඇති මොහොතක බවත්, ඒ සම්බන්ධයෙන් තමා ආඩම්බර වන බවත්ය.

036


අදහස් (0)

හැඩින් එක්දින පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.