Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හලාවත මේරියන්ස්ට ලකුණු 19 ක ජයක්

හලාවත මේරියන්ස්ට ලකුණු 19 ක ජයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (05 වැනිදා) පැවති තරගයකදී මුවර්ස් පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යයට අනුව ලකුණු 19 කින් ජය ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්විය. මෙම තරගය මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් හලාවත මේරියන්ස් පිල  ඕවර් 49.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 283 ක් රැස් කිරීමට සමත්විය. පන්දු 92 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 102 ක් රැස් කිරීමට ගීත් කුමාර සමත්විය.

ලකුණු 284 ක ඉලක්කයක් හඹාගිය මුවර්ස් පිල  ඕවර අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට  ඕවර් 39 කදී කඩුලූ ක් දැවී ලකුණු 215 ක් රැස් කරගෙන සිටියද තරගය ජයග‍්‍රහණය කිරීමට එය ප‍්‍රමාණවත් නොවීය. එම අවස්ථාවේදී තරගය ජයග‍්‍රහණය කිරීමට නම් ලකුණු 235 ක් ලබා සිටිය යුතුවිය.

හලාවත මේරියන්ස්  ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී 283
(ගීත් කුමාර 102, සාලිය සමන් 43, මාලින්ද පුෂ්පකුමාර 53/4, චතුරංග ද සිල්වා 68/3)

මුවර්ස්  ඕවර 39 කදී කඩුලූ 7 ක් දැවී 215
(චතුරංග ද සිල්වා 50, දිල්හාර ලොකුහෙට්ටිගේ නොදැවී 40, උමේෂ් කරුණාරත්න 49/5)




 


අදහස් (0)

හලාවත මේරියන්ස්ට ලකුණු 19 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.