අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හලාවත මේරියන්ස් සහ මූවර්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 95 කින් ජයගැනීමට හලාවත මේරියන්ස් පිල අද (23 වැනිදා) සමත්විය.
හලාවත මේරියන්ස් පිලේ ඕෂද ප්‍රනාන්දු (147) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්විය. මුවර්ස් පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් සාගර් උදේශී ඉනිම දෙකේදී කඩුලු 9 ක්ද, නිමේෂ් විමුක්ති දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් ඉනිම දෙකේදී කඩුලු 8 ක් දවාගනිමින් හලාවත මේරියන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) අවසන්වූ තරගයේදී යුදහමුදා කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී. කණ්ඩායම සමත්විය.
තවත් තරග 4 ක් එස්.එස්.සී, කෝල්ට්ස්, මූවර්ස් සහ බී.ආර්.සී යන ක්‍රීඩාංගණ වලදී අද අවසන්විය. එහිදී බදුරලිය, මීගමුව සහ රාගම කණ්ඩායම් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට එස්.එස්.සී, කෝල්ට්ස් සහ වරාය අධිකාරී කණ්ඩායම් සමත්විය. බී.ආර්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර පැවැති තරගය විසඳුමකින් තොරව අවසන්විය.
අදින් අවසන්වූ සති අන්තයේදී එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (නොදැවී 206) ද්විත්ව ශතකයක්ද, එන්.සී.සී. පිලේ චතුරංග ද සිල්වා (102), බදුරලිය පිලේ සුබ්‍රමේනියන් ආනන්ද් (127), හලාවත මේරියන්ස් පිලේ ඕෂද ප්‍රනාන්දු (147), කෝල්ට්ස් පිලේ අසිත ප්‍රනාන්දු (101) සහ සංගීත් කුරේ (නොදැවී 112), වරාය අධිකාරිය පිලේ රමේෂ් නිමන්ත (120) සහ රුවිඳු ගුණසේකර (105), රාගම පිලේ දිනෙත් තිමෝද්‍ය (104), බී.ආර්.සී පිලේ රුමේෂ් බුද්ධික (119) සහ සැරසන්ස් පිලේ මිලින්ද සිරිවර්ධන (102) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
හලාවත මේරියන්ස් පිලේ සාගර් උදේශී සහ නිමේෂ් විමුක්ති කඩුලු 6 බැගින්ද මූවර්ස් පිලේ තරිඳු කෞෂාල් සහ එස්.එස්.සී. පිලේ සචිත්‍ර සේනානායක කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 98.2 කදී සියලුදෙනා දැවී ලකුණු 428
(යශෝද ලංකා 54, ඕෂද ප්‍රනාන්දු 147, ජේ. රාකේෂ් 27, රිසිත් උපමාල් 81, පුලින තරංග 22, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 36, තරිඳු කෞෂාල් 118/5, සී.දිල්ශාන් 142/2)
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 76.2 කදී සියලුදෙනා දැවී ලකුණු 207
(ඉරෝෂ් සමරසූරිය 61, පබසර වඩුගේ 72, රමේෂ් මෙන්ඩිස් 28, සාගර් උදේශී 87/6, නිමේෂ් විමුක්ති 38/2)
මූවර්ස් - දෙවැනි ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(ඉරෝෂ් සමරසූරිය 32, රමේෂ් මෙන්ඩිස් 54, නිමේෂ් විමුක්ති 46/6, සාගර් උදේශී 39/3)
---------------------------------------------------------------------------------------------------------------------------------------
එන්.සී.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 96.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 500
(උපුල් තරංග 53, පැතුම් නිස්සංක නොදැවී 206, ඇන්ජලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 102, මහේල උඩවත්ත නොදැවී 61, මල්ක මදුසංක 116/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 142 කදී සියලුදෙනා දැවී ලකුණු 385
(ලක්ෂාන් එදිරිසිංහ 84, දුශාන් විමුක්ති 71, සංජික රිද්ම 76, යශෝද මෙන්ඩිස් 46, බුද්ධික මදුසංක නොදැවී 27, චතුරංග ද සිල්වා 50/4, මහේල උඩවත්ත 30/2, ලසිත් ඇඹුල්දෙණිය 86/2)
එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 33 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 229
(ළහිරු උදාර 99, ඇන්ජලෝ පෙරේරා 29, චතුරංග ද සිල්වා නොදැවී 66, මහේල උඩවත්ත නොදැවී 22, යශෝද මෙන්ඩිස් 74/2)
---------------------------------------------------------------------------------------------------------------------------------------
එස්.එස්.සී පිලට පළමු ඉනිමේ ජයක්
බදුරලිය - පළමු ඉනිම - ඕවර 95.5 කදී සියලුදෙනා දැවී ලකුණු 372
(අලංකාර අසංක 41, නදීර නාවල 26, ටටෙන්ඩර් ටයිබු 39, සුබ්‍රමේනියන් ආනන්ද් 127, කෝසල කුලසේකර 21, දෙනුවන් රාජකරුණා 58, සචිත් පතිරණ 29, සචිත්‍ර සේනානායක 94/5, දම්මික ප්‍රසාද් 51/2)
එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 101.4 කදී සියලුදෙනා දැවී ලකුණු 429
(සඳුන් වීරක්කොඩි 47, ක්‍රිශාන් ආරච්චිගේ 70, සම්මු අශාන් 46, ආකාශ් සේනාරත්න 90, චාමර කපුගෙදර 42, හිමේෂ් රාමනායක 53, තරිඳු රත්නායක 28, දම්මික ප්‍රසාද් 26, සචිත් පතිරණ 146/4, බුද්ධික සංජීව 137/3, ළහිරු සමරකෝන් 64/2)
බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 222
(අලංකාර අසංක 22, සලිඳු උශාන් 79, නදීර නාවල 61)
---------------------------------------------------------------------------------------------------------------------------------------
කෝල්ට්ස් පිලට පළමු ඉනිමේ ජයක්
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 69.4 කදී සියලුදෙනා දැවී ලකුණු 243
(කුසල් ජනිත් 23, අසිත ප්‍රනාන්දු 101, විශාද් රංදික 40, ජෙහාන් ඩැනියල් 23, උපුල් ඉන්ද්‍රසිරි 85/4, සඳකැන් පතිරණ 28/2, රොෂේන් ප්‍රනාන්දු 29/2)
මීගමුව - පළමු ඉනිම - ඕවර 76.1 කදී සියලුදෙනා දැවී ලකුණු 230
(දිලාශ්‍රී ලොකුබණ්ඩාර 57, අශේන් සිල්වා 29, ඇන්ජලෝ ජයසිංහ 45, සහන් ආරච්චිගේ 20, ප්‍රසන්සන ජයමාන්න 22, සනිත ද මෙල් 31, රොහාන් සංජය 80/5, සංගීත් කුරේ 15/2, නලින් ප්‍රියදර්ශන 63/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 72 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 275
(සංගීත් කුරේ නොදැවී 112, කවිශ්ක අංජුල 21, අවිශ්ක ප්‍රනාන්දු 75, විශාද් රන්දික 34, ශෙහාන් ජයසූරිය 78/3)
මීගමුව - දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 168
(ශෙහාන් ජයසූරිය 45, දිලාශ්‍රී ලොකුබණ්ඩාර 38, සහන් ආරච්චිගේ 33, නිසල තාරක 35/3, නලින් ප්‍රියදර්ශන 78/2)
---------------------------------------------------------------------------------------------------------------------------------------
වරාය අධිකාරි පිලට පළමු ඉනිමේ ජයක්
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 138 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 427
(ප්‍රිමෝෂ් පෙරේරා 24, රමේෂ් නිමන්ත 120, රුවිඳු ගුණසේකර 105, ගයාන් මනීෂාන් 60, රනේෂ් පෙරේරා 29, ඉමේෂ් උදයංග 22, නිශාන් පිරීස් 137/4, අමිල අපෝන්සු 107/3)
රාගම - පළමු ඉනිම - ඕවර 78.5 කදී සියලුදෙනා දැවී ලකුණු 291
(දිනෙත් තිමෝද්‍ය 104, සංජය චතුරංග 39, සමින්ද ප්‍රනාන්දු 52, සුපේෂල ජයතිලක 21, ඉශාන් ජයරත්න නොදැවී 21, චානක කොමසාරූ 90/4, රනේෂ් පෙරේරා 41/3, ඉමේෂ් උදයංග 84/2)
වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 48.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 202
(රමේෂ් නිමන්ත 60, රුවිඳු ගුණසේකර 30, අදීශ නානායක්කාර 55, ගයාන් මනීෂාන් නොදැවී 26, නිශාන් පිරීස් 83/3)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 1.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 11
---------------------------------------------------------------------------------------------------------------------------------------
විසඳුමකින් තොරව අවසන් වෙයි
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 104.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 453
(ලසිත් ලක්ෂාන් 20, දේශාන් ඩයස් 98, තිලකරත්න සම්පත් 64, භානුක රාජපක්ෂ 86, රුමේෂ් බුද්ධික 119, රමින්ද විජේසූරිය 38, චාමිකර එදිරිසිංහ 71/2, ගමිඳු අමරසිංහ 88/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 154 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 440
(නිපුන් කරුණානායක 36, මිලින්ද සිරිවර්ධන 102, අශේන් බණ්ඩාර 92, ප්‍රමෝද් මදුවන්ත 76, සාලිය සමන් 59, සචිත්‍ර පෙරේරා 48, මොහොමඞ් ශිරාස් 145/4, හෂේන් රාමනායක 60/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.