Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හයිද්‍රාබාද් පිල තෙවැනි ජය ලබයි

හයිද්‍රාබාද් පිල තෙවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස අහ්මදාබාද්හිදී ඊයේ (08) පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් ක‍්‍රීඩකයෝ ලකුණු 32 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.

හයිද්‍රාබාද් පිල මෙවර තරගාවලියේ මේ දක්වා තරග හතකදී ලැබූ තෙවැනි ජය මෙය වේ. ප‍්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ සිටි හයිද්‍රාබාද් පිල මෙම ජයග‍්‍රහණයත් සමග පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

ලකුණු 135 ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් පිල  ඕවර 19.5 කදී ලකුණු 102 කට සීමා විය. වේග පන්දු යවන බුවනේෂ්වර් කුමාර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 14 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.      

පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ශීකර් දාවන් පන්දු 20 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 33 ක් රැස් කළේය.  

රාජස්ථාන් පිලේ නායක ෂේන් වොට්සන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 134 (ශීකර් දාවන් 33, ලෝකේෂ් රාහුල් 18, නාමල්  ඕජා 17, ඉර්ෆාන් පනත් නොදැවී 21, ෂේන් වොට්සන් 13/3, රජාට් භාටියා 23/3)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 102 (සංජු සැම්සන් 16, ෂේන් වොට්සන් 11, ස්ටුවට් බෙනී 12, ස්ටීවන් ස්මිත් 22, ඬේන් ස්ටෙයින් 31/2, බුවනේෂ්වර් කුමාර් 14/4)

 

- 048


අදහස් (0)

හයිද්‍රාබාද් පිල තෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.