Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිමේෂ රංගනාත් පෙරමුණ රැකගනී

හිමේෂ රංගනාත් පෙරමුණ රැකගනී

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) තෙවැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ඡන්ද 952 ක් ලබා සිටින පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ රංගනාත් සමත් ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 130 කි.

ඡුන්ද 853 ක් ලබා සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ එහි දෙවැනි ස්ථානයේ පසු වන අතර ඔහුට ගෙවී ගිය සතිය තුළදී ඡන්ද 80 ක් අළුතින් එකතු වී තිබේ.

තෙවැනි සතිය අවසානයේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ චරිත් අසලංක සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ පැතුම් මධුෂංක පිළිවෙලන් ඡන්ද 779 ක් සහ 738 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකරගෙන තිබේ.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 283 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 145 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ. ගෙවී ගිය සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 146 ක් ලබාගෙන ඇති අතර උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 21 ක් පමණි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු තවමත් ඡුන්ද ලබාගැනීමට සමත්ව නැත.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
හිමේෂ් රංගනාත් පානදුර රාජකීය විදුහල    952
රන්දේව් පතිරණ    කොළඹ රාජකීය විදුහල    853
චරිත් අසලංක   ගාල්ල රිච්මන්ඞ් විදුහල    779
පැතුම් මධුෂාන් කොළඹ ශාන්ත ජොෂප් විදුහල 738
අරවින්ද අකුරුගොඩ කොළඹ ශාන්ත ජොෂප් විදුහල 717
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 709
හරිත් සමරසිංහ කොළඹ රාජකීය විදුහල 643
රවීන් සේයර්     මහනුවර ති‍්‍රත්ව විදුහල    590
ලක්ෂාන් රුද්‍රිගු කොළඹ ශාන්ත පීතර විදුහල 484
සවිඳු කොළඹගේ මීගමුව මාරිස්ටෙලා විදුහල 426
වනිඳු හසරංග ගාල්ල රිච්මන්ඞ් විදුහල  391
සචින් දල්පදාදු      කොළඹ ශාන්ත පීතර විදුහල    254
තිමිර ජයසිංහ කොළඹ තර්ස්ටන් විදුහල  252
දිනේත් නවෝද්‍ය   කොළඹ ශාන්ත පීතර විදුහල    240
නිපුන් සමරසිංහ කොළඹ ශාන්ත ජොෂප් විදුහල 198
හංසමාල් පෙරේරා ශාන්ත සිල්වෙස්ටර් විදුහල  181
ප‍්‍රභාත් කැප්පැටිපොළ    කුරුණෑගල මලියදේව විදුහල   177
කණිෂ්ක උක්ගල්යාය   ශා. අන්තෝනි විදුහල    149
තරිඳු රත්නායක ශාන්ත තෝමස් විදුහල   127
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල    113
නිපුන් ගමගේ ශාන්ත තෝමස් විදුහල   111
සහන් ආරච්චිගේ කොළඹ ආනන්ද විදුහල     101
තනීෂ වීරකෝන්     කොළඹ ශාන්ත පීතර විදුහල 98
ලසිත් ඇඹුල්දෙණිය     කොළඹ රාජකීය විදුහල    61
විනූ මෙහොට්ටි     කොළඹ ශාන්ත පීතර විදුහල 47

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා     පාසල    ඡන්ද
නිපුන් මාලිංග     ගාල්ල විද්‍යාලෝක විදුහල 289
උදිත් දිල්සර     මීගමුව ශාන්ත පීතර විදුහල 145


කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රහකයෝ


1 ටී. කොස්පැලවත්ත, ශ්‍රී ධීරානන්ද මාවත, ඇළපාත
2 පි‍්‍රයන්ති කුමාරි, 25, නාරම්මිණිය පාර, කැලණිය  
3 සයිනබ් සුබේර්, 16/5 ඒ, පාර්ක් ස්ටී‍්‍රට්, දෙහිවල
4 ඩන්කන් ද සිල්වා, 54/2, ගැමුණු මාවත, හුණුපිටිය, වත්තල

 

- 036


අදහස් (0)

හිමේෂ රංගනාත් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.