Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි
(දමින්ද විජේසූරිය)
ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයත් ලකුණු 164 කින් ජයගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී 2-0 ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් සෝබර්ස් - තිසේරා කුසලාන තමන් වෙත රඳවා ගත්හ. මෙම ජයත් සමගින් වසර 2022-2023 ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහාත් කදිම ආරම්භයක් ලබාගත් දිමුත් කරුණාරත්න ඇතුළු කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා පිරිනැමෙන ප‍්‍රසාද ලකුණු 24 ම හිමිකරගත්හ.
දිවා ආහාරයෙන් පැයකට පමණ පසුව, එක ඕවරයකදී කඩුලූ 3 ක් දවාගත් රමේෂ් මෙන්ඩිස් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට කොදෙව්වන් තැබූ බලාපොරොත්තු නොපෙනෙන ඈතකට අැද දැම්මේය. කඩුලූ 2 කට ලකුණු 95 ක් ලබා සිටි කොදෙව් පිලේ ෂායි හෝප්, රොස්ටන් චේස් සහ කයිල් මේයර්ස් තිදෙනාම පන්දු 6 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යැවූ මෙන්ඩිස් ලකුණු පුවරුව කඩුලූ 5 කට 95 ක් ලෙසින් වෙනස් කළේය.
එතැන් සිට ග‍්‍රහණය දැඩිකළ මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය, කොදෙව් ඉනිමේ කඩුලූ 10 ම තමන් අතරේ බෙදා ගනිමින් තේ පානයට පෙරම ලකුණු 164 ක ජයක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියේ අවසන් කඩුලූ 8 ම ලකුණු 40 ක් ඇතුළතදී බිම දමමිනි.
දෙවැනි තරගයේදී ලකුණු 136 කට කඩුලූ 11 ක් දවාගත් රමේෂ් මෙන්ඩිස් තරග දෙකකදී කඩුලූ 18 ක් දවාගනිමින් ටෙස්ට් තරග 4 කදී තමන්ගේ කඩුලූ සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළට ගෙන ගියේය. කොදෙව්වන් අමාරුවේ දැමීම සඳහා පිත්තෙන්ද අගනා මෙහෙවරක් කළ ලසිත් ඇඹුල්දෙණිය, ලකුණු 35 කට කඩුලූ 5 ක් දවාගත්තේ මෙම තරගාවලියේදී දෙවැනි වතාවටත් කඩුලූ 5 ක් දවාගනිමිනි.
ඇඹුල්දෙණිය සමගින් එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 124 වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ ධනංජය ද සිල්වා තරගයේ වීරයා වෙද්දී, රමේෂ් මෙන්ඩිස් තරගාවලියේ වීරයා විය.
තරගයේ අවසන් දිනය වන අද (03 වැනිදා) පෙරවරුවේදී, කඩුලූ 8 කට ලකුණු 328 ක් ලබා සිටියදීත් පිතිහරඹය ඇරඹූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වා (නොදැවී 155) සහ ලසිත් ඇඹුල්දෙණිය (39) එක්ව ලකුණු 124 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහි පැරණි වාර්තාව, තිලාන් සමරවීර සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනා විසින්, වසර 2010 දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව, කොළඹ ඕවල් පිටියේදී පිහිටුවන ලද ලකුණු 118 ක් විය.
ඇඹුල්දෙණිය දැවී යාමත් සමගින් සිය දෙවැනි ඉනිම නවතා ලූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයෙන් ජයගැනීමට නම් ලකුණු 297 ක් ලබාගන්නා ලෙස කොදෙව්වන්ට අභියෝග කළේය.
නායක ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් වේලාසනින්ම දැවී ගිය නමුත් බ්ලැක්වුඞ් සහ නිකෲමා බෝනර් සවිමත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිටියහ. එහෙත් දිවා ආහාරයට ඕවර දෙකක් තිබියදී කිසිවකු අපේක්‍ෂා නොකළ තීරණයක් ගත් ශී‍්‍ර ලංකා නායකයා පිට දඟ පන්දු යැවීමේ හැකියාවෙන් යුත් චරිත් අසලංක පන්දු යැවීමට කැඳවූයේය.
දිගු වේලාවක්, වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනාට මුහුණ දෙමින් සිටි කොදෙව්වෝ, චරිත්ගේ පළමු ඕවරයට පරෙස්සමෙන් මුහුණ දුන් නමුත් අවධානය බිඳගත්හ. ඊළඟ ඕවරයේදී පිතිකරුවාගෙන් ඉවතට ඇදී යන පන්දුවට ජර්මේන් බ්ලැක්වුඞ් පිත්ත දැම්මේ ස්ලිප් හි සිටි ධනංජය ද සිල්වාට 43 වැනි ටෙස්ට් උඩපන්දුවත්, ඇඹුල්දෙණිය දෙවැනි ඉනිමේදී ලබාගත් පළමු කඩුල්ලත් තිළිණ කරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.