 අන්තර් පාසල් වයස 15 න් පහළ I කොටසේ ක්‍රිකට් තරගාවලිය යටතේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව පැවැති තරගයකදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 209 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට රාජකීය විදුහලේ සෙහඳු සූරියාරච්චි (නොදැවී 108) සහ තෙවිඳු වේවැල්වල (නොදැවී 101) සමත් වූහ.

එහිදී පන්දු 118 කට මුහුණදුන් සෙහඳු හතරේ පහර 18 කින් සිය ශතකය අලංකාර කළ අතර පන්දු 98 කදී වාර්තා වූ තෙවිඳුගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනාගේ අගනා පිතිහරඹය හමුවේ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට රාජකීය විදුහල සමත් විය.
රාජකීය විදුහල් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 282 
(හිරුන් මතීෂ 41, සෙහඳු සූරියාරච්චි නොදැවී 108, තෙවිඳු වේවැල්වල නොදැවී 101, ෂෙහාල් අලවතුගොඩ 41/2) 
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 62 
(ෂෙහාල් අලවතුගොඩ 15, උසිත ඉලේපෙරුම 09/3, සෙහඳු සූරියාරච්චි 01/2) 
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 116 
(ටී.එස්. අබේවර්ධන 50, චනිතු කංකානම්ගේ 26, ප්‍රබෝෂ් ජයවික්‍රම 10/3)  
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.