කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 9 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
කවිඳු ඉරෝෂ් (95) සහ නිමේෂ් ධනංජය (නොදැවී 56) ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර දිෂාන් ප්‍රමෝද් සහ රවිඳු දිල්ෂාන් කඩුලු 6 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 80 කදී කඩුලු 8 ක් දැවී 302
(කවිඳු ඉරෝෂ් 95, නිමේෂ් ධනංජය නොදැවී 56, රෂ්මික මෙන්ඩිස් 38, ශෙෂාන් උදාර 39, ලක්ෂිත පෙරේරා 87/4, චතුර බණ්ඩාර 86/3)
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලු දෙනා දැවී 151
(ගිම්හාන සෙනෙවිරත්න 38, ලක්ෂිත පෙරේරා 23, නසීම් බදුර්දීන් 42, රවිඳු දිල්ෂාන් 30/3, ජෝජ් ප්‍රියශාන්ත 36/3, දිෂාන් ප්‍රමෝද් 38/2, ශෙෂාන් උදාර 23/2)
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 142
(නසීම් බදුර්දීන් 47, රංසික සිරිවර්ධන 31, බුද්ධික චමින්ද 28, දිෂාන් ප්‍රමෝද් 46/4, අෂේන් චාරුක 16/3, රවිඳු දිල්ෂාන් 27/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.