තරගයේ විසඳුමක් සොයමින් සෙබස්තියානු කී‍්‍රඩකයෝ කාලය සමග සටනට පිළිපන් නමුත් සිටියද මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති 66 වැනි මොරටු රන් හටන අද (12 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
මුල් ඉනිමේදී ලකුණු 188 කට දැවී ගියද ඉතා ඉක්මනින් තරගයට කඩාවැදුණු සෙබස්තියන් කී‍්‍රඩකයෝ සිකුරාදා තරගය අවසන් වීමට පෙරම, වේල්ස් කුමරුවන්ගේ කඩුලූ 8 ක් ලකුණු 89 කට බිම දමමින් පළමු දිනයේ වාසිය මිටමොළවා ගත්හ.
කෙසේ වෙතත් අද (සෙනසුරාදා) පෙරවරුවේදී සෙබස්තියන් පන්දු යවන්නන් හමුවේ අභීතව සිය කඩුල්ල ආරක්‍ෂා කරගෙන සිටි සවිඳු පීරිස් නොදැවී ලකුණු 33 ක් ලබාගනිමින් සෙබස්තියානුවන්ගේ මුල් ඉනිමේ වාසිය ලකුණු 47 ක් දක්වා අඩුකළේය.
දෙවැනි ඉනිමේදී අවිශ්ක ප‍්‍රනාන්දු (70) සහ මිෂේන් සිල්වා (63) කඩිනම් ලකුණු රැුස්කිරීමක නිරත වූ හෙයින් ඕවර 27 කදී කඩුලූ 6 කට ලකුණු 182 ක් ලබාගත් සෙබස්තියන් කී‍්‍රඩකයෝ තරගයෙන් ජයගැනීම සඳහා ඕවර 36 කදී ලකුණු 230 ක් ලබාගන්නා ලෙස වේල්ස් කුමරුවන්ට අභියෝග කළහ. එහෙත් තරගය නතර කරන විට වේල්ස් කුමර ලකුණු පුවරුව කියැවුණේ ඕවර 41 කදී කඩුලූ 4 කට ලකුණු 149 ක් ලෙසිනි.
ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන අවිශ්ක ප‍්‍රනාන්දු පළමු ඉනිමේදී අසාර්ථක වූ නමුත් දෙවැනි ඉනිමේදී සිය ලකුණු 70 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 53 කට පමණි. ඒවායින් 8 ක් හතරේ සීමාව පසුකර ඇදීගිය අතර තවත් තුනක් සීමාවට ඉහළින් පියාඹා ගියේය. අවිශ්කගේ දැවී යාමෙන් පසුව ලකුණු වේගය පවත්වාගැනීමේ වගකීම කරට ගත් මිෂේන් සිල්වා පන්දු 34 කදී ලකුණු 63 ක් රැස්කළේ ඔහුගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 3 කින් අලංකාර කරමිනි.
ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර වාර්ෂික එක්දින තරගය මේ මස 27 වැනිදා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.
ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම 188
(ප‍්‍රවීන් පෙරේරා 29, සඳරුවන් ප‍්‍රනාන්දු 17, මිෂේන් සිල්වා 15, තරූෂ ප‍්‍රනාන්දු 27, නිමේෂ් බණ්ඩාර 44, ප‍්‍රවීන් ජයවික‍්‍රම 23, ඩිලංග මධුරංග 33/3, තිලාන් නිමේෂ් 24/3, සවිඳු පීරිස් 42/2)
වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම 141
(සපුන් සොයිසා 18, සනෝජ් දර්ශක 17, අවිඳු ප‍්‍රනාන්දු 15, ඩිලංග මධුරංග 11, තිලාන් නිමේෂ් 11, ඩිලේෂ් නානායක්කාර 6, සවිඳු පීරිස් නොදැවී 33, ප‍්‍රවීන් ජයවික‍්‍රම 33/3, නිමේෂ් බණ්ඩාර 33/2)
ශාන්ත සෙබස්තියන් විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 6 ට 182
(අවිශ්ක ප‍්‍රනාන්දු 70, මිෂේන් සිල්වා 63, ඩිලංක මධුරංග 55/2, ඩිලේෂ් නානායක්කාර 42/3)
වේල්ස් කුමර විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 4 ට 149
විශ්ව චතුරංග 55, විහග වීරක්කොඩි 43, කසුන් ඒකනායක 32, ප‍්‍රවීන් ජයවික‍්‍රම 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.