Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුවෙර් - ගිම්හාන ද ලාසාල් විදුහල දිනවති

සුවෙර් - ගිම්හාන ද ලාසාල් විදුහල දිනවති

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සොව්සාන් සුවෙර්ගේ අගනා පිතිහරඹය සහ ශවින්ද ගිම්හානගේ දක්ෂ පන්දුයැවීම නිසා දෙහිවල ශ්‍රාස්ත්‍රානන්ද විදුහලට එරෙහිව මෝදරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 53 ක ජයක් අත්කර ගැනීමට ද ලාසාල් විදුහල සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 185 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශ්‍රාස්ත්‍රානන්ද විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 132 කට සීමාකිරීමට ශවින්ද ගිම්හාන ප්‍රමුඛ ද ලාසාල් පන්දුයවන්නෝ සමත් වූහ. ඉනිම් දෙකේදීම ලකුණු 54 කට ගිම්හාන දවාගත් කඩුලු සංඛ්‍යාව 10 කි.

අගනා පිතිහරඹයක නිරත වූ සොව්සාන් සුවෙර් ලකුණු 122 ක් රැස්කළ අතර ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත් විය.


ද ලාසාල් විදුහල පළමු ඉනිම - ඕවර 71.4 කදී සියලු දෙනා දැවී 270  
(සොව්සාන් සුවෙර් 122, රංචක පෙරේරා 35, රවිඳු සංදීප 31, රුවන් ලක්ෂාන් 65/5)

ශ්‍රාස්ත්‍රානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී 85  
(ශවින්ද ගිම්හාන 15/4, සොව්සාන් සුවෙර් 13/4)  

ශ්‍රාස්ත්‍රානන්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 132
(නවෝද් මධුසංක 33, ශවින්ද ගිම්හාන 39/6)

 


අදහස් (0)

සුවෙර් - ගිම්හාන ද ලාසාල් විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.