Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුනන්දෝපන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සුනන්දෝපන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, කොළඹ මහානාම විද්‍යාල ‘සී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මොරටුව ශ්‍රී සුනන්දෝපන්ද මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (2) සමත් විය. මෙම තරගය සුනන්දෝපනන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී සුනන්දෝපනන්ද විද්‍යාලයේ ළහිරු චතුරංග පළමු ඉනිමේදී ලකුණු 28 කට කඩුලු 5ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 4 ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 71 කට කඩුලු 9 ක් බිඳ හෙළීය.

මහානාම විද්‍යාල ‘සී’ පළමු ඉනිම - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී ලකුණු 110 
(ප්‍රමුඛ පෙරේරා 25, මිහිට්ල ස්ලවා 25, සහන් මිහිර 14/2, ලහිරු චතුරංග 28/5 ) 

ශ්‍රී සුනන්දෝපනන්ද මධ්‍ය මහා විද්‍යාල පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී ලකුණු 162 
(සුමේද මධුෂාන් 48, සඳුන් දිනේෂ් 23, තිනෙත් වීරප්පුලි 13/2, අභීත විමත් 14/2, සුලන දෙහාස් 15/2, මිහිට්ල සිල්වා 17/2 ) 

මහානාම විද්‍යාල ‘සී’ දෙවන ඉනිම - ඕවර 27 කදී කඩුලු 6කට ලකුණු 74 
(ලහිරු චතුරංග 43/4 ) 


අදහස් (0)

සුනන්දෝපන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.