ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ. එස්. එස්. සී. පිලට අනු ශූරතාව හිමිවිය.
කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජය පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වේ.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩංගණයේදී අද (21) පැවැති අවසන් මහ තරගයේදී කෝල්ට්ස් පිල ලකුණු 56 කින් එස්. එස්. සී. පිල පරාජය කළේය.
කෝල්ට්ස් පිලේ නායක නුවන් කුලසේකර (30/4) සහ පිට දඟ පන්දු යවන ෂෙහාන් ජයසූරිය (33/4) කඩුලූ 4 බැගින් දවා ගනිමින් ප‍්‍රබල එස්. එස්. සී. ඉනිම ලකුණු 195 කට සීමා කළහ.
ධනුෂ්ක ගුණතිලක පන්දු 64 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් ලබා එස්. එස්. සී. පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මහේල ජයවර්ධන ලකුණු 2 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑම එස්. එස්. සී. පිලට දැඩි පාඩුවක් බවට පත්විය.
තිසර පෙරේරා පන්දු 30 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 37 ක් රැුස්කළ ද එය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවීය.
මෙහිදී එස්. එස්. සී. පිල නියෝජනය කරන තිසර පෙරේරා සිය ආරම්භක ක‍්‍රීඩා සමාජය වන කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 34 කට කඩුලූ 5 ක් දවා ගැනීම කැපී පෙනුණි.
භානුක රාජපක්‍ෂ කෝල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 74 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 80 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ලකුණු 32 කට කඩුලූ දෙකක් බිද වැටීමෙන් පසුව භානුක රාජපක්‍ෂ සහ කුසල් පෙරේරා තෙවැනි කඩුල්ලට ලකුණු 95 ක සම්බන්ධාතාවක් පවත්වමින් කෝල්ට්ස් පිල ප‍්‍රබල තත්ක්වයකට රැගෙනෙ ඒමට සමත් වූහ.
කුසල් පෙරේරා පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු පුවරුව
කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය
සදීර සමරවික‍්‍රම - ඇ. දසුන් ශානක ප. බිනුර ප‍්‍රනාන්දු 8
කුසල් පෙරේරා - ඇ. රමේෂ් මෙන්ඩිස් ප. ජෙෆ්රි වැන්ඩසේ 55
ෂෙහාන් ජයසූරිය - ඇ. තිළිණ කණ්ඩම්බි ප. බිනුර ප‍්‍රනාන්දු 5
භානුක රාජපක්‍ෂ - ඇ. තරංග පරණවිතාන ප. තිසර පෙරේරා 80
රොෂේන් සිල්වා - ඇ. මිනෝද් භානුක ප. තිසර පෙරේරා 40
සචිත් පතිරණ - ඇ. දසුන් ශානක ප. තිසර පෙරේරා 4
ප‍්‍රියමාල් පෙරේරා - ඇ. මිනෝද් භානුක ප. තිසර පෙරේරා 4
නුවන් කුලසේකර - ඇ. කසුන් මධුසංඛ ප. තිසර පෙරේරා 22
ඉෂාන් ජයරත්න - නොදැවී 13
අනුක් ප‍්‍රනාන්දු - ප. බිනුර ප‍්‍රනාන්දු 2
අකිල ධනංජය - නොදැවී 1
අතිරේක 17
එකතුව ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී 251
කඩුලූ වැටීම:
1-23(සදීර සමරවික‍්‍රම), 2-32(ෂෙහාන් ජයසූරිය), 3-127(කුසල් පෙරේරා), 4-159(භානුක රාජපක්‍ෂ), 5-173(සචිත් පතිරණ), 6-189(ප‍්‍රියමාල් පෙරේරා), 7-227(රොෂේන් සිල්වා), 8-243(නුවන් කුලසේකර), 9-249(අනුක් ප‍්‍රනාන්දු)
පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු: 9-0-40-3, කසුන් මධුසංඛ: 8-1-40-0, රමේෂ් මෙන්ඩිස්: 6-0-32-0, තිසර පෙරේරා: 10-0-34-5, ධනුෂ්ක ගුණතිලක: 3-0-18-0, තරංග පරණවිතාන: 4-0-30-0, ජෙෆ්රි වැන්ඩසේ: 10-0-51-1
සිංහල ක‍්‍රීඩා සමාජය (එස්.එස්.සී.)
මිනෝද් භානුක - ඇ. අනුක් ප‍්‍රනාන්දු ප. ෂෙහාන් ජයසූරිය 4
ධනුෂ්ක ගුණතිලක - ඇ. සහ ප. ෂෙහාන් ජයසූරිය 40
මහේල ජයවර්ධන - ඇ. ෂෙහාන් ජයසූරිය ප. නුවන් කුලසේකර 2
තරංග පරණවිතාන - ඇ. සදීර සමරවික‍්‍රම ප. ඉෂාන් ජයරත්න 20
තිළිණ කණ්ඩම්බි - ඇ. සදීර සමරවික‍්‍රම ප. ෂෙහාන් ජයසූරිය 34
දසුන් ශානක - ඇ. ෂෙහාන් ජයසූරිය ප. නුවන් කුලසේකර 28
තිසර පෙරේරා - ඇ. ප‍්‍රියමාල් පෙරේරා ප. ෂෙහාන් ජයසූරිය 37
රමේෂ් මෙන්ඩිස් - ඇ. ඉෂාන් ජයරත්න ප. නුවන් කුලසේකර 16
බිනුර ප‍්‍රනාන්දු - ඇ. අකිල ධනංජය ප. නුවන් කුලසේකර 9
කසුන් මධුසංඛ - නොදැවී 1
ජෙෆ්රි වැන්ඩසේ - ඇ. අනුක් ප‍්‍රනාන්දු ප. ඉෂාන් ජයරත්න 0
අතිරේක 4
එකතුව ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී 195
කඩුලූ වැටීම:
1-7(මිනෝද් භානුක), 2-10(මහේල ජයවර්ධන), 3-39(තරංග පරණවිතාන), 4-95(ධනුෂ්ක ගුණතිලක), 5-104(තිළිණ කණ්ඩම්බි), 6-161(තිසර පෙරේරා), 7-172(දසුන් ශානක), 8-193(බිනුර ප‍්‍රනාන්දු), 9-195(රමේෂ් මෙන්ඩිස්), 10-195(ජෙෆ්රි වැන්ඩසේ)
පන්දු යැවීම:
නුවන් කුලසේකර: 8-0-30-4, ෂෙහාන් ජයසූරිය: 8-0-33-4, ඉෂාන් ජයසූරිය: 8.3-0-46-2, අකිල ධනංජය: 9-0-46-0, සචිත් පතිරණ: 6-1-24-0, අනුක් ප‍්‍රනාන්දු: 2-0-16-0
තරගයේ වීරයා: භානුක රාජපක්‍ෂ (කෝල්ට්ස්)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.