ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (01 වැනිදා) පැවති තරගයකදී ගුවන් හමුදා පිල පරදවා කඩුලූ 5 කින් ජය ගැනීමට යුද හමුදා පිල අද සමත්විය. මෙම තරගය පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ගුවන් හමුදා පිල ඕවර් 50 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 219 ක් පමණි.
ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය යුද හමුදා පිල ඕවර 39.3 කදී කඩුලූ 5ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. පන්දු 32 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 10 ක් සමගින් වේගවත් ලකුණු 84 ක් ලබා ගැනීමට සීක්කුගේ ප‍්‍රසන්න සමත් වූ හෙයින් මෙම තරගයේදී අතිරේක ප‍්‍රසාද ලකුණද සහිතව තරගය ජයගැනීමට යුද හමුදා පිලට හැකිවිය.
ගුවන් හමුදාව ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 219
(ටී. නදීර 46, අචිර එරංග 29, අජන්ත මෙන්ඩිස් 26/2, ජනිත් සිල්වා 37/2)
යුද හමුදාව ඕවර 39.3 කදී කඩුලූ 5ක් දැවී 220
(සීක්කුගේ ප‍්‍රසන්න නොදැවී 84, මොහොමඞ් ෆේශාල් 37, අචිර එරංග 20/2, අකිල ඉශංක 70/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.