
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ආසන්තම තරගාවලි දෙකේ ශූරයන් වන කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් බස් රථ දෙකක් ප්‍රදානය කෙරිණ.
සී.සී.සී. කණ්ඩායම 2018/2019 තරගාවලියේ ශූරයන් වන අතර හලාවත මේරියන්ස් පිල 2017/2018 තරගාවලියේ ශූරයෝ වූහ.
ආසන 28 කින් යුත් මෙම බස් රථයක වටිනාමක රුපියල් ලක්‍ෂ 90 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව බස් රථ දෙකේ වටිනාමක රුපියල් ලක්‍ෂ 180 කි.
|
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් එම බස්රථ සී.සී.සී. සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ දෙකට ප්‍රදානය කරන ලද අවස්ථාව |
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.