Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී - ද්‍රවිඩ සංගමය පෙරමුණේ

සී.සී.සී - ද්‍රවිඩ සංගමය පෙරමුණේ

editorial - 2022 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ ‘පළමු පෙළ’ තරගාවලියේ සති අන්ත 4 ක් නිමා වන විට ‘ඒ’ කාණ්ඩයෙන් සී.සී.සී. ක්‍රීඩා සමාජ පිලත්, ‘බී’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගම් පිලත් පෙරමුණ ගෙන සිටියහ.

සහභාගි වූ තරග 4 න් කිසිවක් මුල් ඉනිමේදී හෝ පරාජය නොවීම හේතුවෙන් සී.සී.සී, පිල ප්‍රසාද ලකුණු 59.045 ක් ඇතිව ‘ඒ’ කාණ්ඩයෙන් ද, ද්‍රවිඩ සංගම් පිල ප්‍රසාද ලකුණු 60.935 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයෙන්ද පෙරමුණ ගෙන ඇත.

මෙවර පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 26 ක් සහභාගි වෙති. එකකට 13 ක් බැගින් කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වේ. මෙවර තරගාවලිය නිමාවේදී එක් එක් කාණ්ඩයන්හි අවසන් ස්ථාන හිමි ක්‍රීඩා සමාජ දෙකක් බැගින් (කණ්ඩායම් 4 ක්) ආණ්ඩුකාර කුසලාන තරගාවලියට අනුයුක්ත කෙරෙනු ඇත.

ආණ්ඩුකාර කුසලාන තරගාවලියට දැනට ඇතුළත්ව තිබෙන කණ්ඩායම් 24 න් කණ්ඩායම් දෙකක් එතැනින්ද පහළට තල්ලු කෙරෙන අතර ඔවුන් පළාත් ක්‍රීඩා සමාජ තරගාවලියට අනුයුක්ත කෙරෙනු ඇත.

මෙම තත්ත්වය අනුව ලබන වසරේදී අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 22 කි. ලබන වසරේ ආණ්ඩුකාර කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 26 කි.


අදහස් (0)

සී.සී.සී - ද්‍රවිඩ සංගමය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.