ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවති තරගයකදී ගුවන් හමුදා පිල පරදවා කඩුලූ 6 කින් ජය ගැනීමට සී. සී. සී පිල සමත්විය. මෙම තරගය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ගුවන් හමුදා පිල ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 200 ක් පමණි. සජිත් කැළුම්ප‍්‍රිය (59) අර්ධ ශතකයක් ලබාගත් අතර හසන්ත ප‍්‍රනාන්දු ලකුණු 35 කට කඩුලූ 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය සී. සී. සී පිල ඕවර 36.4 කදී කඩුලූ 4ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. ප‍්‍රසන්න ජයවර්ධන (70) සහ චාමර සිල්වා නොදැවී (77) අර්ධ ශතක රැුස් කිරීමට සමත්වූහ.
ගුවන් හමුදාව ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 200
(සජිත් කැළුම්ප‍්‍රිය 59, අජිත් කුමාර 40, හසන්ත ප‍්‍රනාන්දු 33/5, මදුක ලියනපතිරණ 32/2)
සී. සී. සී 36.4 කදී කඩුලූ 4ක් දැවී 201
(ප‍්‍රසන්න ජයවර්ධන 70, චාමර සිල්වා නොදැවී 77)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.