Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෑම් - ලයාම් පන්ජාබ් පිල දිනවති
අයි.පී.එල්. - 2024

සෑම් - ලයාම් පන්ජාබ් පිල දිනවති

editorial - 2024 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනකු වන සැම් කරන් (63) සහ ලයාම් ලිවිංග්ස්ටන් (නොදැවී 38) එක්ව පන්ජාබ් ප්‍රාන්තයේ මුලාන්පූර් නගරයේදී අද (23 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට කඩුලු 4 ක පහසු ජයක් අත්කර දුන්හ. පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තේය. පන්ජාබ් කිංග්ස් පිල පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 කට ලකුණු 177 ක් ලබාගත්තේය. 

ආරම්භයේ සිට අසීරුවකින් තොරවම පන්ජාබ් පිතිකරුවෝ ඉලක්කය කරා ගියහ. තම එංගලන්ත සගයා වන ජොනී බෙයාර්ස්ටෝ දැවී යාමෙන් පසුව කණ්ඩායමේ බර කරට ගත් සෑම් කරන්, ආදේශකයකු වශයෙන් පැමිණි පිතිකරු ප්‍රාබ්සිම්රන් සිං සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක් එක්කළේය. ප්‍රාබ්සිම්රන් සිං දැවී ගියද ඉදිරියටම ගිය සෑම් කරන් පන්දු 47 කින් ලකුණු 63 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එකතු කරමිනි. 

සෑම් කරන් දැවී යාමෙන් පසුව තරගය අතට ගත් ලයාම් ලිවිංග්ස්ටන් පන්දු 21 කින් ලකුණු 38 ක් ලබාගනිමින් තරගය අවසන් කළේ සුමිත් කුමාර් හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකිනි. 

ඬේවිඞ් වෝනර් (29) සහ මිචෙල් මාෂ් (20) එක්ව පන්දු 20 කින් ලකුණු 39 ක් උදුරාගත් නමුත් දිල්ලි කණ්ඩායම ලකුනු 174 කට සීමාකර ගැනීමට පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ. දරුණු රිය අනතුරකට මුහුණ දුන් දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට් නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පිවිසෙමින් පන්දු 13 කින් ලකුණු 18 ක් ලබාගත්තද රිකී බූයි (03) දැවී යාමත් සමගින් දිල්ලි ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට 111 ක් ලෙසිනි. 

එහෙත් බූයි වෙනුවට ආදේශ ක්‍රීඩකයා ලෙසින් පැමිණි අභිෂේක් පෝරල් පන්දු 10 කින් නොදැවී ලකුණු 32 ක් ලබාගනිමින් තම පිලේ ලකුණු සංඛයාව 174 ක් දක්වා ඉහළට ගෙන ගියේය. 

අර්ශ්දීප් සිං තම ඕවර 4 ලකුණු 28 කට සීමාකරගැනීමෙන් පසු ඔහුව කණ්ඩායමෙන් ඉවත්කර ප්‍රාබ්සිම්රන් සිං නම් පිතිකරුවා කණ්ඩායමට කැඳවීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පියවර ගත්තේය. කණ්ඩායමට අවශ්‍ය නම්, තරගය අතරමැදදී ක්‍රීඩකයකු ඉවත්කර ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට අවසර තිබීම අයි.පී.එල්. තරගාවලියේ විශේෂත්වයකි. 


දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 174 යි
(ඬේවිඞ් වෝනර් 29, මිචෙල් මාෂ් 20, ශායි හෝප් 33, රිෂාබ් පාන්ට් 18, අක්ෂර් පතෙල් 21, අභිෂේක් පෝරල් නොදැවී 32, අර්ශ්දීප් සිං 28/2, හර්ෂාල් පතෙල් 47/2)

පන්ජාබ් කිංග්ස් - ඕවර 19.2 කදී කඩුලු 6 කට 177 යි
(ශිකාර් ධවාන් 22, ප්‍රාබ්සිම්රන් සිං 26, සෑම් කරන් 63, ලයාම් ලිවිංග්ස්ටන් නොදැවී 38, කලීල් අහමඞ් 43/2, කුල්දීප් යාදව් 20/2)

 

- 213


අදහස් (0)

සෑම් - ලයාම් පන්ජාබ් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.