අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) සංවිධානයෙන් එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 ටම අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු බැගින් අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ.
තරගාවලියේ පුහුණු තරග මේ මස 24 වැනිදා ආරම්භ වන අතර එතැන් සිට දූෂණ මර්දන ඒකකයේ නිලධාරියා කණ්ඩායම සමඟ තරගාවලියේ අවසානය දක්වා රැදී සිටියි.
එම දූෂණ මර්දන නිලධාරියා කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයේ නවාතැන් ගන්නා අතර කණ්ඩායම සමඟ තරගවලට සහ පුහුණු සැසිවලට සහභාගි වෙයි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය දූෂිත ක්‍රියාවලින් තොර තරගාවලියක් බවට පත්කිරීම මෙන්ම ක්‍රීඩකයන් සහ අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැගීම මෙහි අරමුණ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.