රෂ්මික ඕපාත (124) සහ යොහාන් මෙන්ඩිස් (64) ආරම්භක කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත ලකුණු 197 ක සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (10) ආරම්භ වූ 137 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 350 ක් රැුස්කරමින් ඉනිම අත්හිටුවීය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනයට ක‍්‍රීඩාව අවසන් කරන විට රාජකීය විදුහල කිසිවකු නොදැවී ලකුණක් ලබා සිටියේය.
සාන්ත තෝමස් විදුහලේ රෂ්මික ඕපාත විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 131 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 124 ක් රැුස්කිරීමට සමත් විය. රෂ්මික ඕපාත ශතකය පන්දු 94 කදී සම්පූර්ණ කළ අතර එය ‘නිල් මහ සටන’ මහ ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය බවද පැවසේ.
යොහාන් මෙන්ඩිස් පන්දු 133 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 64 රැස් කළේය.
ආරම්භක පිතිකරුවන් වන රෂ්මික ඕපාත (124) සහ යොහාන් මෙන්ඩිස් (64) ලකුණු 197 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. මෙහිදී රෂ්මික වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරද්දී යොහාන් මෙන්ඩිස් අනෙක් අන්තය ආරක්‍ෂා කරමින් පන්දුවට පහර දීම වඩාත් වැදගත් විය.
මෙම ලකුණු 197 ක සම්බන්ධතාව ‘නිල් මහ සටන’ මහ ක‍්‍රිකට් ඉතිහාසයේ සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ආරම්භක කඩුල්ලේ වසර 80 ක් පැරණි වාර්තාවක් බි`ද දැමීමකි.
මීට පෙර 1936 වසරේ එන්. ස්චීෆර් (නොදැවී 54) සහ ඩබ්ලිව්. ජයතිලක (නොදැවී 72) ලකුණු 136 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් පළමු කඩුල්ලේ වාර්තාවට හිමිකම් කීහ.
නායක සචිත ජයතිලක ඉනිම අත්හිටුවීමේ අදහසින් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 31 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැුස් කළේය. සචිතගේ මෙම අර්ධ ශතකය ‘නිල් මහ සටන’ මහ ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය ද වේ.
රාජකීය විදුහල් පිලේ නායක ගීෂාද් පණ්ඩිතරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට සාන්ත තෝමස් විදුහලට ආරාධනා කළේය.
මෙම තරගයේ විනිසුරුවන් ලෙස එකම පවුලේ සාමාජිකයන් වන කොට්ටච්චි සොයුරන් කටයුතු කිරීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබේ. ප‍්‍රධාන විනිසුරුවන් ලෙස රවින්ද්‍ර කොට්ටච්චි සහ රෝහිත කොට්ටච්චි කටයුතු කරන අතර කපිල කොට්ටච්චි අතිරේක විනිසුරු ලෙස කටයුතු කරයි.
හෙට (11) තරගයේ දෙවැනි දිනයයි.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 75 කදී කඩුලූ 5 ට 350
(යොහාන් මෙන්ඩිස් 64, රෂ්මික ඕපාත 124, රවි`දු කොඩිතුවක්කු 35, යොහාන් පෙරේරා 38, සචිත ජයතිලක නොදැවී 50, රවි`දු තිලකරත්න නොදැවී 11)
රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 1 කදී කිසිවකු නොදැවී 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.