ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩාංගණයේ ඉදිකළ නව විද්යුත් ලකුණු පුවරුව අද (11) පස්වරු 3.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.
පරිගණක මෘදුකාංගයක් ඇසුරින් කි‍්‍රයාත්මක වන මෙම ලකුණු පුවරුව ප‍්‍රධාන වශයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යොදා ගන්නා අතර රග්බි, පාපන්දු සහ හොකී යන ක‍්‍රීඩාවටලද යොදාගත හැකි පරිදි සකස්කර තිබේ.
එම විදුහල් ආදි සිසුන්ගේ අරමුදල්වලින් ඉදිකළ මෙම නවීන ලකුණු පුවරුව සඳහා රුපියල් ලක්‍ෂ 140 කට ආසන්න මුදලක් වැය වී ඇති බව වාර්තා වේ.
ක‍්‍රිකට් තරගයක් අවසන් වූ වහාම මුද්‍රිත ලකුණු සටහනක් ලබා ගැනීමේ පහසුකම් ඇති බව සාන්ත තෝමස් විදුහලේ ක‍්‍රිකට් ලකුණු සටහන් නිලධාරී තුෂාර කුරේ මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.