ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝශප් විදුහල, තරගය නිමාවන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියේය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිමේදී හේලකමාල් නානායක්කාර (61) සහ නවෝද් ප්‍රනාන්දු (54) ද, ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමේදී පැතුම් මධුසංක (87) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
සචිත් ජයතිලක, ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමේදී ලකුණු 25 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 266
(හේලකමාල් නානායක්කාර 61, නවෝද් ප්‍රනාන්දු 54, හසිඳු පෙරේරා 60/4, රුචිර ඒකනායක 29/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 196
(පැතුම් මධුසංක 87, සචිත් ජයතිලක 25/5, ඩෙලෝන් පීරිස් 56/3)
සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 105
(රවිඳු සසංක 34, චාරුක රවීන් 39/3*
ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 4 ක් දැවී 48
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.