ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර බම්බලපිටියේදී පැවැත්වෙන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත පීතර විදුහල කඩුලූ 6 ක් දැවී ලකුණු 83 ක් ලබා අසීරු තත්ත්වයක පසුවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල සියලූ දෙනා දැවී ලකුණු 203 ක් ලබාගත් අතර තෝමස් ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වූ හේලකමාල් නානායක්කාර ලකුණු 63 ක් ලබාගත්තේය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 203
(හේලකමාල් නානායක්කාර 63, තරිඳු රත්නායක 45, තනීෂ වීරකෝන් 57/3, මනිල්ක ද සිල්වා 33/2)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 83
(දුලංජ සිල්වා 8/3, කනිෂ්ක පෙරේරා 11/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.