Last Update  :  2026-01-11 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් - ශා. සෙබස්තියන් 17 න් පහළ අවසන් තරගය හෙට

සා. තෝමස් - ශා. සෙබස්තියන් 17 න් පහළ අවසන් තරගය හෙට

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පාසල් 17 න් පහළ I වැනි කොටසේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය ගල්කිස්ස සා. තෝමස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර හෙට (1 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

සාන්ත තෝමස් කී‍්‍රඩකයෝ පළමු වටයේදී තරග 6 ක් කී‍්‍රඩා කර, පිළියන්දළ මැදි මහ විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, ලූම්බිණි විදුහල සහ කේරි විද්‍යාලය පරාජය කරමින් දෙවැනි වටයට පිවිසියහ. දෙවැනි වටයේදී පානදුර රාජකීය, තර්ස්ටන් සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය පරාජය කරමින් පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසි සා. තෝමස් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ එහිදී පිළිවෙලින් ශාන්ත පීතර, ශාන්ත ජෝෂප් සහ ලූම්බිණි විදුහල් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

ශාන්ත සෙබස්තියන් විදුහල් පිල පළමු වටයේ තරග 6 ක් කී‍්‍රඩා කර, මොරටුව වේල්ස් කුමර, ඉසිපතන, වේළුවන, තර්ස්ටන් සහ රාජගිරිය ජනාධිපති යන විදුහල් පරාජය කරමින් දෙවැනි වටයට පිවිසියේය. එහිදී සියලූම තරග ජයගත් ශාන්ත සෙබස්තියන් විදුහල පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබාගත්තේ කාණ්ඩයේ ශූරයන් ලෙසිනි. පිළිමළුන් පිටුදැකීමේ වටයේදී පිළිවෙලින් මොරටු විද්‍යාලය, තර්ස්ටන් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

හෙට පැවැත්වෙන අවසන් මහ තරගයේදී සා. තෝමස් විදුහල් පිල ශී‍්‍ර ලංකා 17 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන රවිඳු  තිලකරත්න විසින් මෙහෙයවනු ලබන අතර ශාන්ත සෙබස්තියන් විදුහල් පිල විසල් සේනානායක මෙහෙයවයි.

සාන්ත තෝමස් විදුහල් සංචිතය
රවිඳු තිලකරත්න (නායක), දුලාන් ද සිල්වා, ළහිරු  ඕපාත, ඩිලේන්ද්‍ර ගුණතිලක, යොහාන් මෙන්ඩිස්, නවෝද් ප‍්‍රනාන්දු, සචිත‍්‍ර ජයතිලක, උෂේන් ප‍්‍රනාන්දු, සජන ද සිල්වා, තරිඳු රත්නායක, චේනුත වික‍්‍රමසිංහ, කනිෂ්ක පෙරේරා, දුවිඳු තිලකරත්න, ඉෂාන් සසෙත් සහ ඞීලක වීරරත්න
ඩිනේෂ් කුමාරසිංහ (පුහුණුකරු), ඩිල්ෂාන් මෙන්ඩිස් (සහාය පුහුණුකරු), බී. එච්. එම්. විජේරත්න (කණ්ඩායම බාර ආචාර්ය)

ශාන්ත සෙබස්තියන් විදුහල් සංචිතය
විසල් සේනානායක (නායක), මුදිත ප‍්‍රනාන්දු, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු, ගයාන් සිල්වා, අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් ලක්තිළිණ, නිමේෂ් බණ්ඩාර, සචින්ත සිල්වා, සඳරුවන් ප‍්‍රනාන්දු, ලක්‍ෂිත පීරිස්, ළහිරු හේෂාන්, ප‍්‍රවීන් පෙරේරා, ආශේර් වර්ණකුලසූරිය, ශෂිත ප‍්‍රනාන්දු සහ සසිත් ලියනගේ
නලින් විජේසිංහ (පුහුණුකරු), සමිත් ප‍්‍රනාන්දු (සහාය පුහුණුකරු), ෆ‍්‍රෑන්ක් කුරේ (කණ්ඩායම බාර ආචාර්ය)


අදහස් (1)

සා. තෝමස් - ශා. සෙබස්තියන් 17 න් පහළ අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.