කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 136 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (13) පස්වරුවේ වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 182 ක් රැස්කර සිටියේය.
පස්වරු 3.30 ට පමණ වර්ෂාව ඇද හැලූණු අතර ඒ වන විට සාන්ත තෝමස් විදුහල කඩුලූ 9 ක් අතැතිව ලකුණු 17 ක් පමණක් පසු පසින් සිටියේය.
රවිඳු කොඩිතුවක්කු (නොදැවී 88) සහ නිපුන් ගමගේ (නොදැවී 26) දෙවැනි කඩුල්ලට ලකුණු 73 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. රවිඳු කොඩිතුවක්කු පන්දු 214 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 88 ක් රැස්කිරීමට සමත්ව සිටියි. ආරම්භක පිතිකරු යොහාන් මෙන්ඩිස් පන්දු 144 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් ලබා සිටියදී දැවී ගියේය.
හෙට (14) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
රාජකිය විදුහල පළමු ඉනිම ඕවර 74.5 කදී සියලූ දෙනා දැවී 199 (හසිත් සමරසිංහ 27, ගීෂාත් පණ්ඩිතරත්න 21, චාමික කරුණාරත්න 57, හරිත් සමරසිංහ 35, ලසිග් ඇඹුල්දෙණිය 17, හෙලකමල් නානායක්කාර 43/2, තරිඳු රත්නායක 60/2, සචිත ජයතිලක 27/3)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 66.3 කදී කඩුලූ 1 ට 182 (යොහාන් මෙන්ඩිස් 51, රවිඳු කොඩිතුවක්කු නොදැවී 88, නිපුන් ගමගේ නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.