Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්මිත් - වෝනර් - බැන්ක්‍රොෆ්ට් තිදෙනාම හළති

ස්මිත් - වෝනර් - බැන්ක්‍රොෆ්ට් තිදෙනාම හළති

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දුව පළුදු කිරීමේ වරදට දඩුවම් ලද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්, කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් සහ ඬේවිඞ් වෝනර් යන තිදෙනාම වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කිරිමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. ස්මිත්, වෝනර් සහ බ්‍රැන්ක්‍රොෆ්ට් තිදෙනාට අමතරව දස්කම් හීන වීම හේතුවෙන් ජැක්සන් බර්ඞ්, ජේම්ස් පැටින්සන්, මැතිව් වේඞ්, හිල්ටන් කාට්රයිට් සහ ඇඩම් සැම්පාද වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් කර තිබේ.


ඇලෙක්ස් කේරී, ෂෝන් මාෂ්, ටිම් පේන්, ජේ රිචඞ්සන්, කේන් රිචඞ්සන්, මාකස් ස්ටොයිනික් සහ ඇන්ඩෲ ටේ යන ක්‍රීඩකයින්ට නව ක්‍රිකට් කොන්ත්‍රාත්තු  හිමි වී තිබේ.


 “තරග ආකෘති ත්‍රිත්වය සඳහාම සමබර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචිතයක්  තෝරා ගැනීිමට මෙම කොන්ත්‍රාත් ගිවිසුමෙන් බලාපොරොත්තු වෙනවා” යයි ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු කැඳවුම්කරු ටේ‍රවර් හෝන්ස් මහතා පැවසීය. එංගලන්තයේදී 2019 පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ස්ථාවර කණ්ඩායමක්  ඇතුළත් කිරිමට බලාපොරොත්තු වන බවද  ජාතික තේරීම් කමිටුවේ නිලධාරී ටේ‍රවර් හෝන්ස් මහතා පවසයි.


මෑත කාලයේදී ටෙස්ට් පිටියේ දැක්වු දක්ෂතා හේතුවෙන් ඕඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය ටිම් පේන්ට පවරන ලදි.
ඕස්ට්‍රේලියාවේ සීමිත ඕවර තරග වල දක්ෂතාවන් අතරින් ඉහල සිටින ක්‍රීඩයකු වන කේන්  රිචඞ්සන් ඕස්ට්‍රේලියානු සංචිතයට කැදවා ඇත.


යොවුන්  වේග පන්දු යවන ක්‍රීඩකයකු වන  ජේ රිචඞ්සන් ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන එක්දින හා ඕවර් විස්සයි විස්ස තරගවල දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙන  ඕස්ට්‍රේලියානු සංචිතයට නම් කරන ලදි. නිමා වු දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් සංචිතයටද ඔහුගේ නම ඇතුළත් විය. 


 පසු ගිය මාස දොලහක (12) කාලය තුල පිතිහරඹයෙන් හොඳ දස්කම් දැක්වීම නිසා ඔස්ටේ්‍රලියානු ජාතික කණ්ඩායමට මාකස් ස්ටොයිනික්ස්ද එකතු කළ බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරී ටේ‍රවර් හෝන්ස් මහතා වැඩි දුරටත් පැවසීය.  


- 092

 


අදහස් (0)

ස්මිත් - වෝනර් - බැන්ක්‍රොෆ්ට් තිදෙනාම හළති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.