වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා හලාවත සාන්ත මරියා විදුහල අතර පස්වැනි වරටත් පවත්වන ලද සහෝදරවරුන්ගේ සටන එක්දින කි‍්‍රකට් තරගය වර්ෂාව නිසා ජය පැරදුමෙන් තොරව අවසන් විය.
කාසියේ වාසිය දිනූ ජෝශප් වාස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළත් මුල් කඩුලූ 3 න් ලකුණු 40 ක් තුළ බිඳ වැටිණ. ආරම්භක පිතිකරු ඉරාෂ් ප‍්‍රනාන්දුගේ හා සනිල් සෙව්වන්දගේ 4 වන කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 102 ක සබඳතාව ජෝශප් වාස් ඉනිම ශක්තිමත් කළ අතර ඕවර 50 තුළ කඩුලූ 6 ක් පමණක් දැවී ලකුණු 262 ක් ලබා ගන්නට ජෝශප් වාස් පිලට හැකි විය.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සාන්ත මරියා කණ්ඩායම දැඩි පීඩනයකට හසුකර ගන්නට ජෝශප් වාස් පන්දු යවන්නෝ සමත් වූහ. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සාන්ත මරියා පිල ඕවර 7 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලබාගෙන තිබුණේ ලකුණු 17 ක් පමණි.
ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 27 කදී ලකුණු 187 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය සාන්ත මරියා කණ්ඩායම දෙවන වරටත් වර්ෂාව පතිත වන විට කඩුලූ 3 ක් දැවී පන්දුවාර 13 කදී ලබා ගෙන තිබුණේ ලකුණු 41 ක් පමණි. වැසි සහිත කාලගුණික තත්ත්වය දිගටම පැවති හෙයින් විනිසුරුවරුන් විසින් මෙම තරගය ජය පරාජයෙන් තොර තරගයක් ලෙස අවසන් කරන ලදි.
ජෝශප් වාස් විදුහල - කඩුලූ 6 ට 262
(ඉරාෂ් ප‍්‍රනාන්දු 64, සනිල් සෙව්වන්ද 59, පි‍්‍රමාෂ් ඔබි‍්‍රස් 52 (නොදැවි), නිපුන් සවිඳු 45, රෝෂිත 52/2, චලක 27/1)
සාන්ත මරියා විදුහල - කඩුලූ 3 ට 41
(රජික ඩිල්ෂාන් 6, චරිත් නිර්මාල් 11, සනිල් සෙව්වන්ද 12/2)
දක්ෂතම කී‍්‍රඩකයා : සනිල් සෙව්වන්ද (ජෝෂප් වාස් විදුහල)
දක්ෂතම පන්දු යවන්නා : එම්.එස්. රෝෂිත (සාන්ත මරියා විදුහල)
හොඳම පන්දු රකින්නා : ජෙරම් ප‍්‍රනාන්දු (සාන්ත මරියා විදුහල)
දක්ෂතම පිතිකරු : ජෙරම් ප‍්‍රනාන්දු (සාන්ත මරියා විදුහල)
තරගය අවසානයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක නුවන් කුලසේකර විසින් ත්‍යාග ප‍්‍රදානය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.