Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහිරා - ජනාධිපති විදුහල් තරගයේ විසඳුමක් නෑ

සහිරා - ජනාධිපති විදුහල් තරගයේ විසඳුමක් නෑ

ශනුක අරවින්ද - 2014 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන අන්තර් පාසල් අවුරුදු 19 න් පහළ ක‍්‍රිකට් තරගා ආරම්භ කරමින් කොළඹ සහිරා විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර පැවැති තරගය විසඳුමකින් තොරව අද (08 දා) නිමාවට පත්විය. තරගය පැවැති දින දෙකේදීම මරදාන ප‍්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගයට  ඕවර 109 ක් අහිමිවී යෑම තරගය තීරණයක් රහිතව අවසන් වීමේ ප‍්‍රධාන සාධකය බවට පත්විය.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සහිරා විදුහල වෙනුවෙන් අර්ෂාද් ඉමම්දීන් (58) සහ අස්ලාම් සම්සුදීන් (56) අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

සහිරා විදුහලේ පළමු ඉනිම ලකුණු 183 කට සීමා කිරීමේදී පෙරමුණ ගත් සකුණ ප‍්‍රනාන්දු සහ චමෝද් වික‍්‍රමසූරිය කඩුලූ දෙක බැගින් බිද දැමූහ.
ජනාධිපති කී‍්‍රඩකයන් පළමු ඉනිමේ ජයග‍්‍රහණය හඹා ගියද වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන විට කඩුලූ 3 ට ලකුණු 140 ක් ලබා සිටියේය. ජනාධිපති විදුහලේ පිතිකරුවන් අතරින් නවෝද් කලනසූරිය (41) සහ හිරුණ සිගේරා (39) දස්කම් දැක්වීමට සමත්වූහ.

සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 64.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 183
(අර්ෂාද් ඉමම්දීන් 58, අස්ලාම් සම්සුදීන් 56, මොහොමඞ් හනාස් 18, සකුන ප‍්‍රනාන්දු 35/3, නෙත්මිණ කොඩිප්පිලි 36/2, චමෝද් වික‍්‍රමසූරිය 38/3)

ජනාධිපති විදුහල - ඕවර 44.4 කදී කඩුලූ 3 ට ලකුණු 140
(නවෝද් කලනසූරිය 41, හිරුණ සිගේරා 39, ඉරංග ගලහේවගේ නොදැවී 25, ෂෙහාන් වීරසිංහ 31/2)

-033

 


අදහස් (0)

සහිරා - ජනාධිපති විදුහල් තරගයේ විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.