Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සල්පිටි - රයිගම් හටන මොරටුවේදී

සල්පිටි - රයිගම් හටන මොරටුවේදී

ශනුක අරවින්ද - 2016 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය අතර 15 වැනි වතාවටත් පැවැත්වෙන ‘සල්පිටි රයිගම් හටන’ මේ මස 26 සහ 27 දෙදින මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයීය පිලේ නායකයා ලෙස ඔමල් චතුරංග වනිගතුංග ද පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයීය පිලේ නායකයා ලෙස හර්ෂණ ගෝමස් ද කටයුතු කරති.

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ක‍්‍රීඩා කරන තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය මෙම තරග වාරයේ තරග 13 කට සහභාගි වී පළමු ඉනිමේ ජයග‍්‍රහණ තුනක් ලබා තරග තුනක් පරාජයට පත්ව තිබේ.

උප නායකයා වන දකුණත් පිතිකරු රවිදු කල්හාර මෙම තරග වාරයේදී ලකුණු 650 ක් රැස්කරමින් තක්‍ෂිලා විදුහල් ප‍්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. දකුණතින් වේග පන්දු යවන නවිදු මියුෂාන් කඩුලූ 40 ක් දවා ගනිමින් වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි.

නවිදු මියුෂාන් (500), අෂාන් සම්පත් (400), අෂාන් ලක්මාල් (400), නායක ඔමල් චතුරංග (350) සහ ළහිරු පැතුම් (300) තක්‍ෂිලා විදුහල් පිල නියෝජනය කරන සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති. තක්‍ෂිලා විදුහලේ ලාබාල ක‍්‍රීඩක සෙනෙත් මින්විනු කඩුලූ 30 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ක‍්‍රීඩා කරන පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය තරග 9 කට සහභාගි වී පූර්ණ ජයග‍්‍රහණ තුනක් ලබා තරගයක් පමණක් පළමු ඉනිමේ පරාජය ලබා තිබේ.

නායක හර්ෂණ ගෝමස් ලකුණු 420 ක් රැස්කරමින් මෙම තරග වාරයේ පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයේ ප‍්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. විමුක්ති සදමාල් ලකුණු 382 ක් රැස්කර සිටියි.

මෙවර පිළියන්දල මධ්‍ය මහ විද්‍යාල පිලේ දක්‍ෂතම පන්දු යවන්නා වන වමතින් දඟ පන්දු යවන හේෂාන් මධුසංඛ කඩුලූ 56 ක් දවාගෙන සිටියි. වසිත් විමුක්ති මෙම තරග වාරයේදී කඩුලූ 34 ක් දවාගෙන තිබේ.

මෙම තරගයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 28 වැනිදා මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි ජයසජකේත ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වීමට නියමිතය.

හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයීය සංචිතය:
ඔමල් චතුරංග වනිගතුංග (නායක), රවිදු කල්හාර ප‍්‍රනාන්දු (උප නායක), ළහිරු පැතුම් කුමාර, අෂාන් සම්පත් ශ්‍යාමාල්, සදුන් රංග පමෝදසිංහ, අෂාන් ලක්මාල්, තිළිණ තාරින්ද වීරසිංහල, නවිදු මියුෂාන්, චමිදු රන්වින වීරක්කොඩි, සෙනෙත් මින්විනු වීරක්කොඩි, චමිදු ගිම්හාන් විශ්වජිත්, කසුන් උදයංග, නවෝද යසිත් රත්නායක, තිසර සචින්තන සහ ජිමුත එරංග ජයකොඩි

පුහුණුකරු: කමල් සුජීව මහතා

පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයීය සංචිතය:
හර්ෂණ ගෝමස් (නායක), යසාන් විමුක්ති (උප නායක), වසිත් විමුක්ති, ගිම්හාන ධනුෂ්ක, දිනූෂ මධුසංඛ, හේෂාන් මධුසංඛ, විමුක්ති සදමාල්, පසිදු අවිෂ්ක, නිෂාන් අනුරුද්ධ, ළහිරු වත්සර, කසුන් ළහිරු, පූර්ණ යාපා, මල්ෂාන් ගුණතිලක, ජමිත් දින්ෂාන්, චමෝත් සදරු, සසංක ලක්‍ෂාන් සහ රුචිර දිනෙත්

පුහුණුකරු: බිමල් අමරසිංහ මහතා

 

හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම විදුහල්පතිනී කේ. කේ. පී. එම්. ජයතිලක මහත්මිය සමඟ

 

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම විදුහල්පති දර්ශන උඩවත්ත මහතා සමඟ

 


අදහස් (0)

සල්පිටි - රයිගම් හටන මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.