Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සර්ෆරාස් පාකිස්තානය බේරාගනී
කරච්චි ටෙස්ට් තරගය

සර්ෆරාස් පාකිස්තානය බේරාගනී

editorial - 2023 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ පාකිස්තානය අතර කරච්චි නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (6 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 304 ක් ලබා සිටියහ. 

යළිත් ජාතික කණ්ඩායමට පැමිණීමෙන් පසුව ක්‍රීඩා කළ මුල් ඉනිම් 3 දීම අර්ධ ශතක ලබා සිටි කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ්, මෙම තරගයේ දෙවැනි ඉනිමේදී අගනා ශතකයක් (118) ලබාමින් සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගත්තේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය. 

ලකුණු 80 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී සෞද් ශකීල් (32) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සර්ෆරාස්, ඉන් නොනැවතී ආඝා සල්මාන් (30) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. 

ජයග්‍රහණයට ලකුණු 32 ක් පසුපසින් සිටියදී පාකිස්තාන කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලෙස මිචෙල් බ්‍රාස්වෙල්ගේ පන්දුවක් හමුවේ කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් සර්ෆරාස් දැවී ගිය නමුත් අවසන් පිතිකරුවන් දෙදෙනා වූ නසීම් ෂා (නොදැවී 15) සහ අබ්රාර් අහමඩ් (නොදැවී 7) ඕවර 3.3 ක් කඩුලු ආරක්ෂා කරගනිමින් තරගය ජය පැරදුමකින් තොරව අවසන් කරගත්හ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් බ්‍රාස්වෙල් ලකුණු 75 කට කඩුලු 4 ක් දවාගත්තද, ඔහුට නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යෑමට නොහැකි විය. පාකිස්තාන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා බ්‍රාස්වෙල්ට අනගි සහායක් දුන් නායක ටිම් සවුති සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 449 
(ටොම් ලේතම් 71, ඩෙවෝන් කොන්වේ 122, කේන් විලියම්සන් 36, හෙන්රි නිකෝල්ස් 26, ටොම් බ්ලන්ඩල් 51, මැට් හෙන්රි නොදැවී 68, අජාස් පටේල් 35, අබ්රාර් අහමඩ් 149/4, නසීම් ෂා 71/3, ආගා සල්මාන් 75/3) 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 408 
(අබ්දුල්ලා ශෆීක් 19, ඉමාම් උල්හක් 83, ශාන් මසූද් 20, බාබර් අසාම් 24, සෞද් ශකීල් නොදැවී 125, සර්ෆරාස් අහමඩ් 78, අඝා සල්මාන් 41, අජාස් පටේල් 88/3, ඉෂ් සෝධි 95/3) 

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 277 
(ටොම් ලේතම් 62, කේන් විලියම්සන් 41, ටොම් බ්ලන්ඩල් 74, මිචෙල් බ්‍රාස්වෙල් නොදැවී 74) 

පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 9 කදී ලකුණු 304 
(ශාන් මසූද් 35, බාබර් අසාම් 27, සර්ෆරාස් අහමඩ් 118, සෞද් ශකීල් 32, අඝා සල්මාන් 30, නසීම් ෂා නොදැවී 15, මිචෙල් බ්‍රාස්වෙල් 75/4, ටිම් සවුති 43/2, ඉෂ් සෝධි 59/2) 

-036


අදහස් (0)

සර්ෆරාස් පාකිස්තානය බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.