Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සභාපතිගේ පිලේ නායකයා සහන්

සභාපතිගේ පිලේ නායකයා සහන්

editorial - 2023 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්දින පෙරහුරු තරගය සඳහා නම්කරන ලද කණ්ඩායම මෙහෙයවීම 26 හැවිරිදි ඉදිරිපෙළ පිතිකරුවකු වන සහන් ආරච්චිගේට පවරා තිබේ. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර ඇති සහන් ආරච්චිගේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඕස්ටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ද ක්‍රීඩා කළේය.

පෙරහුරු තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ටෙස්ට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේත් ඇතුළත්ව සිටී. වමතින් දඟ පන්දු යවන්නකු වන වෙල්ලාලගේ, පසුගිය වසරේදී පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර සභාපතිගේ පිලට ඇතුළත්ව සිටින එකම ටෙස්ට් ක්‍රීඩකයාය.

එංගලන්ත ලයන්ස් (ඒ) කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පෙරහුරු තරගය අද (25 වැනිදා) සිට 27 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, ළහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, අවිශ්ක තරිඳු, ජනිත් ලියනගේ, නිමේෂ් විමුක්ති, ඉසිත විජේසුන්දර, කවිඳු පතිරත්න, දුෂාන් හේමන්ත, නිම්සර අතරගල්ල, දුනිත් වෙල්ලාලගේ සහ නිෂාන් මධුෂ්ක

 


අදහස් (0)

සභාපතිගේ පිලේ නායකයා සහන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.