Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සනාගේ විස්මිත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් දිනයි

සනාගේ විස්මිත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් දිනයි

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

සනත් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීනයන්ගේ විස්සයි-20 තරගාවලියේදී එංගලන්ත ප්‍රවීනයන්ගේ කණ්ඩායමට එරෙහිව ඊයේ (13 වැනිදා) කාන්පූර්හිදී පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින වයස්ගතම ක්‍රීඩකයා (අවුරුදු 53) වන ජයසූරිය, මෙම තරගයේදී නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 3 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. ඊට ස්ටම්ප් කිරීම් දෙකක්, පන්දුව කඩුල්ලේ වැදීමේ අවස්ථාවක් සහ කඩුල්ල මුවාකිරීමේ අවස්ථාවක් ඇතුළත් විය.

චතුරංග ද සිල්වා සහ නුවන් කුලසේකර කඩුලු 2 බැගින්ද, ඉසුරු උදාන සහ ජීවන් මෙන්ඩිස්  කඩුල්ලක් ‍බැගින්ද දවාගනිමින් ඕවර 19 ක් අවසානයේ එංගලන්ත කණ්ඩායම ලකුණු 78 කට සීමා කිරීම සඳහා ජයසූරියට අනගි සහායක් දුන්හ. ඔවුන්ගේ පන්දු යැවීම හමුවේ එංගලන්ත ප්‍රවීනයෝ 7 දෙනකුම ලකුණු 10 කටත් අඩුවෙන් දැවී ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ප්‍රවීන‍යෝ ඕවර 14.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියහ. එහිදී ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර පන්දු 43 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කළ අතර උපුල් තරංග පන්දු 19 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.


එංගලන්ත ලෙජන්ඩ්ස්  - ඕවර 19 කදී සියලු දෙනා දැවී 78
(පිල් මුස්ටාඩ් 14, ඉයන් බෙල් 15, සනත් ජයසූරිය 03/4, නුවන් කුලසේකර 11/2, චතුරංග ද සිල්වා 17/2)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් - ඕවර 14.3 කදී කඩුලු 3 ක් දැවී 79
(ඩිල්ෂාන් මුණවීර 24, තිලකරත්න ඩිල්ෂාන් 15, උපුල් තරංග 23)

(ඡායාරූප - සමීර පීරිස්)


අදහස් (0)

සනාගේ විස්මිත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.