(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත්විය.
වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රිඩාංගණයේ පැවැති මෙම තරගයේදී වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාල පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සදීෂ කාවින්ද නොදැවී ලකුණු 101 ක් රැස් කළ අතර, මහානාම විද්‍යාලයේ නසාර් හම්සත් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 78 යි
(නසාර් හම්සත් 38/5, චමත් දම්සර 18/3)
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 7 ට 300 යි
(සදීෂ කාවින්ද නොදැවී 101, හෆීස් ජුන්කීර් 76, හිමාෂ සිල්වා 37, ෂෙනොන් නිම්තක 35, කවීශ්වර ප්‍රදීප් 23/2, සන්දීප් සල්ගාදු 44/2)
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 7 ට 120 යි
(බිනුර කිසල් 37, සනුක නෙතදුල 32, නසාර් හම්සත් 42/4, චමත් දම්සර 43/2)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.