Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචින් වෙස්ලි පිතිකරුවෝ දමනය කරයි

සචින් වෙස්ලි පිතිකරුවෝ දමනය කරයි

Nisanka Sandeepani - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී වෙස්ලි විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට නාලන්ද විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නාලන්ද විදුහලේ සචින් අභිෂේක් ලකුණු 32 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තිනෙත් ආදිත්‍ය (58) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය. වෙස්ලි විදුහලේ අරුන් ප්‍රගාෂ්ද ලකුණු 30 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

වෙස්ලි විදුහල - පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී 99
(සඳුල් ලක්ෂාන් 27, සචින් අභිෂේක් 32/6)

නාලන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 52.1 කදී සියලුදෙනා දැවී 187
(තිනෙත් ආදිත්‍ය 58, නෙතුම් නිම්තරු 39, ශෂ්මින ගනේපොලආරච්චී 31, අරුන් ප්‍රගාෂ් 30/6)


අදහස් (0)

සචින් වෙස්ලි පිතිකරුවෝ දමනය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.