Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචින් ඡන්ද 16000 පසු කරයි

සචින් ඡන්ද 16000 පසු කරයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු, ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 3439 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 16098 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.

ඒ අනුව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සහ සචින් දල්පදාදු අතර ඡන්ද පරතරය 5312 දක්වා වැඩි වී තිබේ. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 1424 ත් සමගින් මාලිංග අමරසිංහගේ මුළු ඡන්ද සංඛ්‍යාව 9362 කි.

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 4570 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2179 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවෙති.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2189 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 741 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 180 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 28 ක් පමණි.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 500 සමග සිය මුළු ඡුන්ද සංඛ්‍යාව 2115 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 1437 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 298 ක් ලබාගෙන තිබේ.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.


සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල 16098
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල  10786
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 4570
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 2179
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1537
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල 1484
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල 1041
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 891
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 848
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 632
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 620
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල  543
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල 311

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 2189
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 741
අචින්ත උෂාන්  ගාල්ල විද්‍යාලෝක විදුහල 11

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 2115
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 1437

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ

1 ඩොරීන් පිරිස්, ‘ආසිරි’, ඇනියකන්ද පාර, රාගම  
2 බිලාල් හමීඞ්, 72, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත, කොළඹ 6
3 ලෝචන ශලංක, 154/13 ඒ, ගී‍්‍රන් සිටි, ගාල්ල
4 ඇන්තනී ජයමහ, 87, ශ්‍රී පේ‍්‍රමරත්න මාවත, මොරටුමුල්ල, මොරටුව

- 036


අදහස් (0)

සචින් ඡන්ද 16000 පසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.