Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාව අබියස

සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාව අබියස

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 12 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාවට ලඟා වී ඇත.

ගෙවීගිය සති කිහිපයේ සිටම ඡන්ද සටහනේ පෙරමුණේ පසු වූ ඔහු, ඉතුක් සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද 1647 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 8992 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ ඉකුත් සතිය තුළදී ඡන්ද 1354 ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 6860 කි. ඒ අනුව ඔහු, සචින් දල්පදාදුට වඩා ඡන්ද 2132 ක් පසු පසින් සිටියි.

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 3702 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2084 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 1859 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 648 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 490 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 49 ක් පමණි.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 389 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 1049 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 793 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 422 ක් ලබාගෙන තිබේ.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  කොළඹ ශාන්ත පීතර විදුහල 8992
මාලිංග අමරසිංහ කොළඹ නාලන්දා විදුහල  6860
අරවින්ද අකුරුගොඩ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 3702
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 2084
පැතුම් මධුෂංක  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 1519
රන්දේව් පතිරණ  කොළඹ රාජකීය විදුහල 1397
ලක්ෂිණ රුද්‍රිගූ  කොළඹ ශාන්ත පීතර විදුහල 960
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 875
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 843
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 619
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 596
තිමිර ජයසිංහ  කොළඹ තර්ස්ටන් විදුහල  543
වනිඳු හසරංග  ගාල්ල රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  කොළඹ ශාන්ත පීතර විදුහල 311
     
නැගී එන පාසල් කාණ්ඩය    
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 1859
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 648
     
අන්තර් ජාතික පාසල් කාණ්ඩය    
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 1049
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 793

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ

1 විනුක රුද්‍රිගූ, මහකෙළිය හංදිය, මහකෙළිය, කුරුණෑගල
2 ඒ. ජයචිත‍්‍ර, ටී/ඒ/6, ටෝනි මාවත, ගලහදුව, හැඳල වත්තල
3 රංජිත් දසනායක, 9/3, හැමර්ස් ඇවිනෙව්, වැල්ලවත්ත
4 රම්‍යා පි‍්‍රයංගනී, 68, දැවමොහොට්ටාව, ආඩිඅම්බලම

 

- 036


අදහස් (0)

සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.