Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සචින් දල්පදාදු ඡන්ද 7000 සීමාව පසුකරයි

සචින් දල්පදාදු ඡන්ද 7000 සීමාව පසුකරයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 11 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු ඡන්ද 7000 සීමාව ඉක්මවා යෑමට සමත් වී ඇත.

ගෙවීගිය සති කිහිපයේ සිටම ඡුන්ද සටහනේ පෙරමුණේ පසු වූ ඔහු, ඉතුක් සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද 2344 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 7345 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ ඉකුත් සතිය තුළදී ඡන්ද 1616 ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 5506 කි. ඒ අනුව ඔහු, සචින් දල්පදාදුට වඩා ඡන්ද 1839 ක් පසු පසින් සිටියි.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 1369 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 599 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.

ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 65 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 28 ක් පමණි.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 111 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 660 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 371 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 62 ක් ලබාගෙන තිබේ.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය   
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සචින් දල්පදාදු  ශාන්ත පීතර විදුහල 7345
මාලිංග අමරසිංහ නාලන්දා විදුහල  5506
අරවින්ද අකුරුගොඩ  ශාන්ත ජෝෂප් විදුහල 3157
හිමේෂ රංගනාත්  පානදුර රාජකීය විදුහල 1979
පැතුම් මධුෂංක  ශාන්ත ජෝෂප් විදුහල 1508
රන්දේව් පතිරණ  රාජකීය විදුහල 1280
ලක්ෂිණ රුද්‍රිගූ  ශාන්ත පීතර විදුහල 960
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 863
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 773
හරිත් සමරසිංහ  රාජකීය විදුහල 655
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 614
සචිඳු කොළඹගේ  මීගමුව මාරිස්ටෙලා විදුහල 585
තිමිර ජයසිංහ  තර්ස්ටන් විදුහල  543
වනිඳු හසරංග  රිච්මන්ඞ් විදුහල 420
දිනේත් නවෝද්‍ය  ශාන්ත පීතර විදුහල 311
හංසමාල් පෙරේරා  ශාන්ත සිල්වෙස්ටර් විදුහල 286
නිපුන් සමරසිංහ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 258
නිපුන ගමගේ  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල 243
ප‍්‍රභාත් කැප්පෙටිපොළ  කුරුණෑගල මලියදේව විදුහල 188
කණිෂ්ක උක්ගල්පාය  ශා. අන්තෝනි විදුහල 169
තරිඳු රත්නායක  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල 127
සමූ අශාන්  ආනන්ද විදුහල 113
සහන් ආරච්චිගේ  ආනන්ද විදුහල  101
තනීෂ වීරකෝන්  ශාන්ත පීතර විදුහල  98
ලසිත් ඇඹුල්දෙණිය  රාජකීය විදුහල  61
විනූ මොහොට්ටි  ශාන්ත පීතර විදුහල  47
ලෝචන මොහොට්ටි  තර්ස්ටන් විදුහල  10

 

නැගී එන පාසල් කාණ්ඩය  
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
නිපුන් මාලිංග  ගාල්ල විද්‍යාලෝක විදුහල 1369
උදිත් දිල්සර  මීගමුව ශාන්ත පීතර විදුහල 599

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය  
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
සහන් තෙන්නකෝන්  පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 660
ශිම්රාස් ශාහිල්  ඇලීතියා ජාත්‍යන්තර පාසල 371

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත්  සතියේ ජයග‍්‍රහකයෝ

1 නිශේන් ශේබියන්, ටී/එන්/6, ටෝනි මාවත, ගලහදුව, හැඳල, වත්තල
2 කි‍්‍රස්ටීන් ඉන්ච්, 50/4, ගුණසිංහ වත්ත, තැන්නකුඹුර, මහනුවර
3 ඒ. ජයතිලක, 233/1, උයන්වත්ත, නාරම්මල
4 බිස්රුල් නලීර, 87/2, සම්සුදීන් මාවත, එළුවිල, පානදුර

 

 - 036


අදහස් (0)

සචින් දල්පදාදු ඡන්ද 7000 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.