බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) 10 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු ඡන්ද 5000 සීමාව ඉක්මවා යෑමට සමත් වී ඇත. ගෙවීගිය සති කිහිපයේ සිටම ඡන්ද සටහනේ පෙරමුණේ පසු වූ ඔහු, ඉතුක් සති 2 තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1975 කි.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ ඉකුත් සති දෙක තුළදී ඡන්ද 1598 ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 3890 කි. ඒ අනුව ඔහු, සචින් දල්පදාදුට වඩා ඡන්ද 1111 ක් පසු පසින් සිටියි.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 2699 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 1967 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 1304 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 571 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ. ඉකුත් සති දෙක තුළදී නිපුන් මාලිංග ඡන්ද 281 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 40 ක් පමණි.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සති 2 තුළදී ලබාගත් ඡන්ද 500 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 549 ක් දක්වා වර්ධනය කරගනිමින් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත.
ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡුන්ද 309 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සති දෙක තුළදී ඔහු ඡන්ද 94 ක් ලබාගෙන තිබේ.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සචින් දල්පදාදු | කොළඹ ශාන්ත පීතර විදුහල | 5001 |
| මාලිංග අමරසිංහ | කොළඹ නාලන්දා විදුහල | 3890 |
| අරවින්ද අකුරුගොඩ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 2699 |
| හිමේෂ රංගනාත් | පානදුර රාජකීය විදුහල | 1967 |
| පැතුම් මධුෂංක | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1428 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 1270 |
| ලක්ෂිණ රුද්‍රිගූ | කොළඹ ශාන්ත පීතර විදුහල | 915 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 861 |
| ශෙහාන් වීරසිංහ | මරදාන සහිරා විදුහල | 771 |
| හරිත් සමරසිංහ | කොළඹ රාජකීය විදුහල | 655 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 608 |
| සචිඳු කොළඹගේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 568 |
| තිමිර ජයසිංහ | කොළඹ තර්ස්ටන් විදුහල | 543 |
| වනිඳු හසරංග | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 416 |
| දිනේත් නවෝද්‍ය | කොළඹ ශාන්ත පීතර විදුහල | 311 |
| හංසමාල් පෙරේරා | ශාන්ත සිල්වෙස්ටර් විදුහල | 286 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 258 |
| නිපුන ගමගේ | ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල | 206 |
| ප‍්‍රභාත් කැප්පැටිපොළ | කුරුණෑගල මලියදේව විදුහල | 184 |
| කණිෂ්ක උක්ගල්පාය | ශා. අන්තෝනි විදුහල | 166 |
| තරිඳු රත්නායක | ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල | 127 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 113 |
| සහන් ආරච්චිගේ | කොළඹ ආනන්ද විදුහල | 101 |
| තනීෂ වීරකෝන් | කොළඹ ශාන්ත පීතර විදුහල | 98 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 61 |
| විනූ මොහොට්ටි | කොළඹ ශාන්ත පීතර විදුහල | 47 |
| ලෝචන මොහොට්ටි | කොළඹ තර්ස්ටන් විදුහල | 10 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| නිපුන් මාලිංග | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1304 |
| උදිත් දිල්සර | මීගමුව ශාන්ත පීතර විදුහල | 571 |
| අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සහන් තෙන්නකෝන් | පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල | 549 |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 309 |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.