එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව චෙල්ම්ස්ෆෝඞ්හිදී පැවැති සිවුදින තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 84 කට දැවීයෑම නිසා පිට පිටම පළමු පෙළ ඉනිම් 6 කදී ශතක 6 ක් ලබාගනිමින් ශ්‍රීමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට තිබූ අවස්ථාව කුමාර් සංගක්කාරට අහිමිවී ගියේය. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන සංගක්කාර ඔහුගේ අවසන් පළමු පෙළ ඉනිම පහේදීම ශතක ලබා සිටියේය.
එංගලන්ත ක්‍රීඩක සී. බී. ෆ්‍රයි (1901 දී), ඕස්ට්රේරලියාවේ ශ්‍රීමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් (1938 දී), සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මයික් ප්‍රොක්ටර් (1970 දී) ශතක 6 ක් ලබාගනිමින් පිට පිටම පළමු පෙළ ඉනිම් 6 කදී ශතක ලබාගැනීමේ වාර්තාවට හිමිකම් කියති.
එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගත් කුමාර් සංගක්කාර (200) දෙවැනි ඉනිමේදී ශතකයට ලකුණු 16 ක් මෙපිටින් සිටියදී ටොම් වෙස්ට්ලිගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේදී පිට පිටම ලබාගත් පළමු පෙළ ශතක 5 අතරට ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 136 ද, වොවික්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 105 ද, මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 114 සහ 120 ද, එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 200 ද අන්තර්ගත වේ.
ඒ අනුව මෙවර තරග වාරයේ තරග 4 කදී ඉනිම් 7 ක් තුළ (46, 136, 105, 114, 120, 200, 84) ලකුණු 805 ක් රැස්කිරීමට සංගක්කාර සමත්ව සිටින අතර එහිදී ඔහුගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය සටහන් වන්නේ 115 ක් ලෙසිනි.
සංගක්කාරට අමතරව බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව් දූපත් - 1993 වසරේදී), එවර්ටන් වීක්ස් (බටහිර ඉන්දීය කොදෙව් දූපත් - 1955 වසරේදී), මයික් හසී (ඕස්ටේ්රලියාව - 2003 වසරේදී), පාර්තිව් පතෙල් (ඉන්දියාව - 2007 වසරේදී) සහ කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව - 2017) පිට පිට පළමු ඉනිම් 5 කදී ශතක 5 බැගින් ලබාගෙන තිබේ.
මෙය සංගක්කාර සහභාගි වන අවසන් පළමු පෙළ තරගාවලිය වන අතර ඉන් අනතුරුව ඔහු පළමු පෙළ තරගවලින් සමුගැනීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.