එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ එසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර ලන්ඩන්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර, දෙවැනි ඉනිමේදී ලකුණු 43 ක් ලබා සිටියදී ග‍්‍රැහැම් නේපියර්ගේ පන්දුවක් හමුවේ නික් බ‍්‍රවුන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 270 ඉක්කයක් හඹායන සරේ ප‍්‍රාන්ත පිල තෙවැනි දිනය නිමා විට කඩුලූ 8 ක් ඇතැතිව එසෙක්ස් ප‍්‍රාන්ත පිලට වඩා ලකුණු 175 ක් පසුපසින් සිටියේය.
නික් බ‍්‍රවුන් (143) සහ ඩැනියෙල් ලෝරන්ස් (161) එසෙක්ස් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් ශතක ලබාගැනීමට සමත් වූහ. නික් බ‍්‍රවුන්ගේ ඉනිමට හතරේ පහර 26 ක් ඇතුළත් වූ අතර ඩැනියෙල් ලෝරන්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ එසෙක්ස් ප‍්‍රාන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සරේ ප‍්‍රාන්ත පිලට ආරාධනා කර සිටි අතර පළමු ඉනිම වෙනුවෙන් ඔවුන්ට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 340 ක් පමණි.
සරේ ප‍්‍රාන්ත පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 340
(රෝරි බර්න්ස් 78, සෆාර් අන්සාරි 18, කුමාර් සංගක්කාර 52, කෙවින් පීටර්සන් 32, ස්ටීවන් ඬේවිස් 81, ගැරී විල්සන් 46, ග‍්‍රැහැම් නේපියර් 63/3, ජෙසී රයිඩර් 78/3, මොන්ටි පනේසාර් 51/2)
එසෙක්ස් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම - කඩුලූ 8 ක් දැවී 610
(නික් බ‍්‍රවුන් 143, ජේක් මයික්ලෙබර් 61, ඩැනියෙල් ලෝරන්ස් 161, ජෙම්ස් ෆොස්ටර් 23, ජෙසී රයිඩර් 57, ග්‍රෙග් ස්මිත් නොදැවී 50, ග‍්‍රැහැම් නේපියර් 73, සෆාර් අන්සාරි 149/4)
සරේ ප‍්‍රාන්ත පිල දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 95
(රෝරි බර්න්ස් නොදැවී 41, කුමාර් සංගක්කාර 43)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.