Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා ද්විත්ව ශතකය ලබාගනී

සංගා ද්විත්ව ශතකය ලබාගනී

ශනුක අරවින්ද - 2017 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතර චෙල්ම්ස්ෆෝඞ්හිදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගැනීමට කුමාර් සංගක්කාර (200) සමත් විය. මෙය සංගක්කාරගේ 13 වැනි පළමු පෙළ ද්විත්ව ශතකය වන අතර ඉන් 11 ක්ම ටෙස්ට් ද්විත්ව ශතක වේ.

සංගක්කාර මෙම තරගයේදී ලබාගත් ද්විත්ව ශතකය නිසා කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකණු 369 ක් ලබාගත්තේය.

පැය හතහමාරකට ආසන්න කාලයක් කඩුල්ල රැඳෙමින් පන්දුවට පහදුරන් සංගක්කාර, සරේ ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස දැවීයන විට සිය ඉනිම හතරේ පහර 27 කින් අලංකාර කිරීමට සමත්ව සිටියේය. සයිමන් හාමර්ගේ පන්දුවක් හමුවේ නීල් වැග්නර් අතට උඩ පන්දුවක් දෙමින් සංගක්කාර දැවී ගිය අතර ද්විත්ව ශතකය ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට මුහුණදීමට හැකි වූයේ පන්දු 2 කට පමණි. කෙසේ වෙතත් අනෙක් අන්තයේ සිටියේද අවසන් පිතිකරුවා වූ රවී රාම්පෝල්ය.

ස්ටුවට් මීකර් (49) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් සංගක්කාර ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 110 සීමා කිරීමට ජෙමී පෝටර් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක ජේම්ස් ෆොස්ටර්ගේ සහායද ඇතිවය. මීකර්ගේ දැවී යෑමෙන් අනතුරව ලකුණු 20 ක් ඇතුළත සරේ කණ්ඩායමේ ඉතිරි කඩුලු 2 ද බිඳ දැමීමට එසෙක්ස් පන්දු යවන්නෝ සමත් වූහ.

සරේ ප්‍රාන්ත කණ්ඩායම පළමු ඉනිම - සියලු දෙනා දැවී 369
(කුමාර් සංගක්කාර 200, සෑම් කරන් 90, ස්ටුවට් මීකර් 49, ජෙමී පෝටර් 89/4, මැතිව් කුයින් 66/3, සයිමන් හැමර් 64/2)

-036

 


අදහස් (0)

සංගා ද්විත්ව ශතකය ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.