Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගක්කාරගේ 400 වැනි එක්දින තරගය

සංගක්කාරගේ 400 වැනි එක්දින තරගය

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට (26 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගය කුමාර් සංගක්කාරගේ 400 වැනි එක්දින තරගයද වෙයි.

වසර 2000 දී පාකිස්තානු පිලට එරෙහිව ගාල්ලේදී සිය මංගල එක්දින තරගයට සහභාගි වූ සංගක්කාර මේ වන විට එක්දින ලකුණු 13,739 ක් ලබාගනිමින් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 2 වැනි ස්ථානයේ පසුවෙයි. මෙතෙක් සහභාගි වූ තරග 399 දී සංගක්කාර විසින් ලබාගන්නා ලද එක්දින ශතක සංඛ්‍යාව 21 ක් වන අතර අර්ධ ශතක සංඛ්‍යාව 93 කි.

එක්දින තරග වලදී සංගක්කාරට ඉදිරියෙන් සිටින එකම පිතිකරුවා වන්නේ තරග 463 කදී ලකුණු 18,426 ක් ලබාගත් සචින් තෙන්ඩුල්කාර් පමණි.

 


අදහස් (0)

සංගක්කාරගේ 400 වැනි එක්දින තරගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.