
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ තරග වදින ප්‍රබල කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතා යළිත් වරක් පත්කර ඇත.
එළබෙන 2026 තරගාවලිය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති අතර මින් පෙර ඔහු 2021 වසරේ සිට 2024 වසර දක්වාද එම කණ්ඩයමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. 2025 වසරේදී රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ රාහුල් ද්‍රාවිඩ් විසිනි.
සංගක්කාරගේ පුහුණුකාරීත්වය යටතේ 2022 වසරේදී රාජස්ථාන් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා පැමිණි අතර 2024 වසරේදී අවසන් වටයට සුදුසුකම් ලැබීය.
“අපි බැලුවා පවතින තත්වයෙදි කණ්ඩායමට අවශ්‍යවෙලා තිබුණෙ මොකක්ද කියලා. ඒ වෙලාවෙ අපිට දැනුණ දෙයක් තමයි කණ්ඩායමට ඔහුගෙ (සංගක්කාරගෙ) හුරුපුරුදු බව, නායකත්වය සහ තේරුම් ගැනීමේ හැකියාව අවශ්‍යයි කියන එක.”
“සෑම විටම අපි ඔහුගේ නායකත්වය විශ්වාස කළා. මේ අවස්ථාවෙදිත් ඔහු ඔහුගේ ක්‍රිකට් දැනුම කණ්ඩායම සමග බෙදාගනිමින් කණ්ඩායම ඉහළට ඔසවා තබාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි කණ්ඩායමේ ප්‍රධාන හිමිකරුවා වන මනෝජ් බාදලේ මහතා, සංගක්කාරගේ පත්වීම සම්බන්ධයෙන් පැවසීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.