Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිතුම් ශා.සෙබස්තියන් විදුහලට ජය ගෙනෙයි

සිතුම් ශා.සෙබස්තියන් විදුහලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මීගමුව ශාන්ත පීතර විද්‍යාලය අතර කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති 3 වැනි ‘මුහුදු ළිහිණින්ගේ’ හටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය ලකුණු 135 කින් ජය ගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඊයේ (2 වැනිදා) සමත්විය.
 
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සිතුම් අකිලංක පළමු ඉනිමේදී කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් සමගින් ලකුණු 49 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වා කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
 
පළමු ඉනිමේදී ලකුණු 161 ක් රැස්කළ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සිතුම් අකිල සහ දීමන්ත සිල්වාගේ පන්දු යැවීම හමුවේ ලකුණු 57 කට ශාන්ත පීතර විද්‍යාලයිය පළමු ඉනිම සීමා කිරීමට සමත්විය.
 
ලකුණු 104 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹු ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 140 ක් පමණි. ඉසුරු උත්පල සහ ශාලුක තිළිණ කඩුලු 3 බැගින් දවාගත් අතර බ්‍රයන් ජුලීටස් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
ජයග්‍රහණය සදහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විද්‍යාලයට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණි. සිතුම් අකිලංක කඩුලු 5 ක් සහ දීමන්ත සිල්වා කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
ශා.සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 161
(ශෙහාන් උදාර 43, රවිඳු දිල්ශාන් නොදැවී 31, රශ්මික උදාර 22, හිරූෂ ශමෝද් 32/3, ශාලුක තිළිණ 42/3, සනිඳු මදුශංක 27/2)
 
ශා.පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30 කදී සියලුදෙනා දැවී ලකුණු 57
(ශේන් මලීෂ 23, සිතුම් අකිලංක 20/6, දීමන්ත සිල්වා 07/3)
 
ශා.සෙබස්තියන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(ශශාන් උදාර 45, උදාර මෙන්ඩිස් 35, රවිඳු දිල්ශාන් 27, ඉසුරු උත්පල 37/3, ශාලුක තිළිණ 44/3, බ්‍රයන් ජුලීටස් 40/2)
 
ශා.පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29.5 කදී සියලුදෙනා දැවී ලකුණු 109
(බ්‍රයන් ජුලීටස් 31, ශේන් මලීෂ 28, උමේෂ් ලක්ෂාන් 22, සිතුම් අකිලංක 29/5, දීමන්ත සිල්වා 27/3)
 
 
 

අදහස් (0)

සිතුම් ශා.සෙබස්තියන් විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.