Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිල්වෙස්ටර් විදුහලට පළමු ඉනිමේ ජයක්

සිල්වෙස්ටර් විදුහලට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර සිල්වෙස්ටර් විදුහල අතර කුරුණෑගලදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සිල්වෙස්ටර් විදුහල සමත්විය.

තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මලියදේව විදුහල, කඩුලූ 6 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටි අතර දැවී ගිය කඩුලූ 6 න් 4 කටම හිමිකම් කීමට තුසිත සොයිසා සමත් විය.

මලියදේව විදුහල් ඉනිම දෙකේදී තුසිත දවාගත් කඩුලූ සංඛ්‍යව 8 ක් වන අතර ඒ වෙනුවෙන් ඔහු ප‍්‍රතිවාදීන්ට දී තිබුණේ ලකුණු 85 ක් පමණි.

සිල්වෙස්ටර් විදුහල සිය පළමු ඉනිම සඳහා කඩුලූ 9 ක් දැවී ලකුණු 228 ක් ලබාගත් අතර මලිත් පේ‍්‍රමතිලක ලකුණු 96 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

මලියදේව විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 137
(දමිත් පෙරේරා 36, සචින්ත පීරිස් 26, නමිඳු සෝමරත්න 24, තුසිත සොයිසා 21/4, ශිවකුමාර් ටිරෝන් 53/4)

සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 228
(මලිත් පේ‍්‍රමතිලක 96, හර්ෂ මධුෂාන් 29, උදයන්ත පරාක‍්‍රම 26, ශිවකුමාර් ටිරෝන් 17, සචින්ත පීරිස් 56/3)

මලියදේව විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 6 ක් දැවී 183
(දමිත් පෙරේරා 32, තුසිත සොයිසා 64/4)

036


අදහස් (0)

සිල්වෙස්ටර් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.