සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ පිල කිසිවකු නොදැවී ලකුණු 5 ක් ලබා සිටියේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල සියලූ දෙනා දැවී ලකුණු 254 ක් ලබාගත් අතර මොමිනුල් හක් (53), මහමදුල්ලා (63), මුෂ්ෆිකර් රහීම් (64) අර්ධ ශතක රැස්කරමින් බංගලාදේශ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටිනාශේ පන්යන්ගාරා එහිදී ලකුණු 59 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල, සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 240 ක් ලබාගත්තේය.
සිම්බාබ්වේ පළමු ඉනිමේ එකම අර්ධ ශකත ලාභියා වූ සිකන්දර් රාසා ලකුණු 51 ක් රැස්කළ අතර ලකුණු 59 කට කඩුලූ 6 ක් දවාගත් ශකීබ් අල් හසන්, සිම්බාබ්වේ පිලේ පළමු ඉනිම සුනුවිසුණු කර දැමූවේය.
සිම්බාබ්වේ පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 240
(සිකන්දර් රාසා 51, බ්‍රෙන්ඩන් ටේලර් 28, එල්ටන් චිකම්බූරා 29, කේ‍්‍රග් එර්වින් 34, රේගිස් චකබ්වා 25, ශකීබ් අල් හසන් 59/6, ජුබේර් හුසේන් 58/2)
බංගලාදේශ පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 254
(මොමිනුල් හක් 53, මහමදුල්ලා 63, මුෂ්ෆිකර් රහීම් 64, තයිජුල් ඉස්ලාම් 19, ටිනාශේ පන්යන්ගාරා 59/5)
සිම්බාබ්වේ පිල දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 5
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.