Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂෙහාන් උඩරට රූලර්ස්ට ජය ගෙනෙයි

ෂෙහාන් උඩරට රූලර්ස්ට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මෙහෙයවන ‘සුපර් 4’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ ලහිරු තිරිමාන්න නායකත්වය දරන උඩරට රූලර්ස් පිල සහ කිත්රුවන් විතානගේ නායකත්වය දරන වෙස්ටන් ටෲපර්ස් පිල අතර අද (28) පැවැති තරගයෙන් ලකුණු 55 ක ජයක් ලැබීමට උඩරට රූලර්ස් පිල සමත්විය.

ලකුණු 175 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය වෙස්ටන් ටෲපර්ස් පිලට  ඕවර 18.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ 119 ක් පමණි. ටෲපර්ස් පිලේ කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට රූලර්ස් පිලේ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

එහිදී ලකුණු 28 කට කඩුලූ 3 ක් දවාගත් අජන්ත මෙන්ඩිස් ටෲපර්ස් පිලට දැඩි පීඩනයක් එල්ල කළ අතර දිල්හාර ලොකුහෙට්ටිගේ, අසේල ගුණරත්න සහ මිලින්ද සිරිවර්ධන කඩුලූ 2 බැගින් දවාගනිමින් ඔහුට මනා සහයක් දුන්හ.

කාසියේ වාසිය දිනූ ටෲපර්ස් පිලේ නායක ළහිරු තිරිමාන්නගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රූලර්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී 174 ක් ලබාගත්තේය.

එහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ යොවුන් කී‍්‍රඩක ශෙහාන් ජයසූරිය පන්දු 30 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.


උඩරට රූලර්ස් - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 174
(ධනංජය සිල්වා 20, උපුල් තරංග 36, චාමර සිල්වා 26, ශෙහාන් ජයසූරිය 50, ලහිරු තිරිමාන්න නොදැවී 21, මිලින්ද සිරිවර්ධන නොදැවී 19, සුරංග ලක්මාල් 31/2, මධුක ලියනපතරණ 26/2)

වෙස්ටන් ටෲපර්ස් - ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 119
(භානුක රාජපක්ෂ 19, ඉසුරු උදාන 20, දිමුත් කරුණාරත්න 16, අජන්ත මෙන්ඩිස් 28/3, අසේල ගුණරත්න 14/2, දිල්හාර ලොකුහෙට්ටිගේ 16/2, මිලින්ද සිරිවර්ධන 28/2)


- 036


අදහස් (0)

ෂෙහාන් උඩරට රූලර්ස්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.