Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් පාලනයට 200 ක පොලිස් බලෑනියක්

ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් පාලනයට 200 ක පොලිස් බලෑනියක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (03) ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 ක‍්‍රිකට් අවසන් මහ තරගය ඇරඹීමට පැමිණි 2000 කට ආසන්න ශ‍්‍රී ලාංකිකයන් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයෙන් පසුව ප‍්‍රීතිඝොෂා කරමින් ක‍්‍රීඩාංගණයට පැමිණිමත් සමග ඔවුන් පාලනයට කිරීමට සංවිධායකයන්ට 200 ක පමණ පොලිස් බලැනියක් කැදවීමට සිදුවිය.

පදක්කම් ප‍්‍රදානයෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ශ‍්‍රී ලාංකිකයන් ළගටම ගොස් ඔවුන්ගේ ආචාරය පිළිගත් අතර එහිදී ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයෝ අපේ ක‍්‍රිකට් වීරයන් යැයි පවසමින් ඉතාමත් උණුසුම් ප‍්‍රතිචාර දැක්වූහ.

ශ‍්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් එහිදී පේ‍්‍රක්‍ෂකයන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීම කැපී පෙණුනි.  

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එක්ව විශාල පරිශ‍්‍රමයක් දරා පේ‍්‍රක්‍ෂකයන් ක‍්‍රීඩාංගණයෙන් ඉවත් කරමින් අනතුරුව පදක්කම් ප‍්‍රදානය සිදුකළේය. 


අදහස් (0)

ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් පාලනයට 200 ක පොලිස් බලෑනියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.